3
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව යම් සේවකයෙකු විසින් ඡන්දය ලබාදීමට ඉල්ලීමක් කළ විට ඊට අදාළව සේවායෝජකයා විසින් ප්‍රමාණවත් යැයි සලකනු ලබන පැය දෙකකට නොඅඩු කාලයක් අදාළ සේවකයාට පඩි සහිත නිවාඩුවක් ලබාදිය යුතුය.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සෑම අයෙකුටම ආයතන විසින් නිවාඩු ලබා දිය යුතු බව ද අදාළ නිවේදනයේ දැක්වේ .
එසේ ලබාදෙන නිවාඩු කාලසීමාව, අනියම් සේවා නියුක්තිකයින්ට ද ඇතුළුව සියලුම සේවා නියුක්තියන් සම්බන්ධයෙන් වැටුප් සහිත වන විශේෂ නිවාඩුවක් ලෙස සැලකිය යුතු අතර, එය සේවා නියුක්තියන්ගේ සාමාන්‍ය නිවාඩු හිමිකමෙන් පිටස්තර විය යුතු බව ද අදාළ නිවේදනයේ සදහන් වේ.
සෑම සේවකයෙකුටම ඡන්දය සඳහා නිවාඩු කාලසීමාව, එම සේවකයාගේ කාර්යාලය සහ ඡන්ද පොළ අතර ඇති දුර ප්‍රමාණය මත නිගමනය කළ යුතුය.