3
ඩකාහි අධිකරණයක් විසින් හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාගේ ධන්මොන්ඩි නිවස වන ‘සුදාසන්’ සහ ඉන්දියාවේ පිටුවහල්ව සිටින ඇගේ පවුලේ සාමාජිකයින්ට අයත් තවත් දේපළ කිහිපයක් අත්පත් කර ගැනීමට නියෝග කර ඇතැයි වාර්තා වේ.
ඒ සමඟම ඇගේ පවුලට අයත් බැංකු ගිණුම් 124 ක් අත්අඩංගුවට ගැනීමට ද අධිකරණය නියෝග කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
දූෂණ විරෝධී කොමිසම (ACC) විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඩකා මෙට්‍රොපොලිටන් ජ්‍යෙෂ්ඨ විශේෂ විනිසුරු සකීර් හොසේන් ගලිබ් පසුගිය අඟහරුවාදා මෙම නියෝගය නිකුත් කර ඇත.
හසීනාගේ සැමියා වන අභාවප්‍රාප්ත න්‍යෂ්ටික විද්‍යාඥ එම් ඒ වාසෙඩ් මියා, සුධා මියා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලදී. ‘සුධාසදන්’ නම් නිවස ඔහුගේ නමින් නම් කර ඇත්තේ ඒ අනුවයි.
හසීනාට අමතරව ඇගේ පුත් සජිබ් වාසෙඩ් ජෝයි, දියණිය සයිමා වාසෙඩ් පුටුල්, සහෝදරිය ෂෙයික් රෙහානා සහ ඇගේ දියණියන් වන ටියුලිප් සිද්දික් සහ රඩ්වාන් මුජිබ් සිද්දික් යන අයට අයත් තවත් දේපළ කිහිපයක් මෙලෙස අත්පත් කරගෙන තිබෙන බව වාර්තා වේ.









