Home Sport News Room : මොරටු රන් සටන ජය-පැරදුම් නෑ

News Room : මොරටු රන් සටන ජය-පැරදුම් නෑ

4
0

මොරටුව වේල්ස් කුමර විදුහල සහ සාන්ත සෙබස්තියන් විදුහල අතර 75 වැනි වරටත් පැවති ‘මොරටු රන් සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී ඊයේ (2) ජය පරාජයෙන් තොරව නිමා විය.

මේ තරගය පළමු වරට තුන්දින තරගයක් ලෙස පැවති අතර, තරගය ජය පරාජයෙන් තොරව නිමා වූ 65 වැනි අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් වේල්ස් කුමර පිල ලකුණු 161කට සීමා කළ සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 208ක් රැස් කළහ. ලකුණු 47ක් ඉදිරියෙන් දෙවැනි ඉනිම ඇරඹූ වේල්ස් කුමර පිල තරගය නිමා වනවිට කඩුලු 6ක් දැවී ලකුණු 157ක් රැස් කර තිබිණි.

මේ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සාන්ත සෙබස්තියන් විදුහලේ රයන් දිසානායක සම්මාන දිනාගත් අතර, හොඳම පිතිකරු ලෙස ලෂේන් ප්‍රනාන්දු (සා. සෙබස්තියන්), හොඳම පන්දු යවන්නා රුසඳු සිල්වා (වේල්ස් කුමර) සහ හොඳම පන්දු රකින්නා ඔෂාන් ද සිල්වා (වේල්ස් කුමර) සම්මාන දිනාගත්හ.

මේ තරගයට සමගාමීව පැවැත්වෙන 40 වැනි එක්දින තරගය මේ මස 8 වැනිදාත්, විස්සයි20 තරගය 9 වැනිදාත් ද සොයිසා ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

වේල්ස් කුමර පළමු ඉනිම 161 (ඕවර 68.4), රිවිත් ජයසූරිය 50, ගවේෂ රෝහණ 38, සුවස් ප්‍රනාන්දු 20 (රයන් දිසානායක 33/4, ෂෙනාස් හෂෙන් 35/3, අදීෂ අල්මේදා 41/2) සහ දෙවැනි ඉනිම – 157/6 (ඕවර 62) ඔෂාන් මනීෂ 56, දෙනෙත් සිතුමිණ 49, පළිගු පෙරේරා 21 (මලින්ත සිල්වා 42/2, රයන් දිසානායක 47/2),

සා. සෙබස්තියන් පළමු ඉනිම – 208 (ඕවර 69.4) ලෂේන් ප්‍රනාන්දු 50, රයන් දිසානායක 33, මලින්ත සිල්වා 27, ෂෙනාස් හෂෙන් 26, ෂෙෆාන් ප්‍රනාන්දු 23 (රුසඳු සිල්වා 30/3, නෙතුල් අනුහස් 53/3, රිවිත් ජයසූරිය 54/2)

නිරෝෂාන් ප්‍රියංකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here