Home Sport News Room : ඌවේ වේගවත්ම පාසල් ක්‍රීඩකයා සෆාස්

News Room : ඌවේ වේගවත්ම පාසල් ක්‍රීඩකයා සෆාස්

1
0

ඌව පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 සහ 200 ඉසව් ජය ගැනීමට පස්සර, මහදෝව සිංහල විදුහලේ එච්.එම්. සෆාස් සමත් විය.

බදුල්ල වින්සන් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවති පළාත් ක්‍රීඩා තරගාවලියේදී සෆාස් මේ ඉසව් ද්විත්වයෙන් නව තරග වාර්තා දෙකක් පිහිටුවීම ද කැපී පෙනිණි. සෆාස් අධ්‍යාපනය හදාරන මහදෝව සිංහල විද්‍යාලයට ක්‍රීඩා පිටියක් හෝ ක්‍රීඩා පුහුණුකරුවෙක් නොමැති අතර, එය පස්සර ප්‍රදේශයේ අතිදුෂ්කර පාසලකි.

එවැනි තත්ත්වයක් මත එම විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන ගුරුවරිය වන මහේෂිකා අබේසිංහ මහත්මියගේ මඟපෙන්වීම යටතේ බදුල්ලේ සමීර ගුරු මහතා යටතේ මේ දස්කම් පෙන්වීය. පස්සර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ශෙරීනා බේගම් මහත්මිය විසින් සෆාස් ක්‍රීඩකයාට කුසලානය පිරිනමන ලදි.

ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස්. ගුණතිලක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here