Home Sport News Room : ලෝක ශිෂ්‍ය භට ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රන්...

News Room : ලෝක ශිෂ්‍ය භට ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රන් සහ ලෝකඩ පදක්කම්

0
0

04 වන ලෝක ආරක්ෂක සේවා ශිෂ්‍ය භට ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවා  නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගයනි වාසනා චතුරංගි රන් පදක්කමක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාවින්දි ජයවීර ලෝකඩ පදක්කම් දෙකක් දිනා අද (27) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම තරගාවලිය ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් 2024 වර්ෂය සදහා වෙනිසියුලාවේ කරකස් නුවර ඉකුත් 08/16 දින සිට 08/24 දින දක්වා රුසියාව , චීනය , වෙනිසියුලාව යන රටවල් ගනනාවක  ශිෂ්‍ය භට නිලධාරීන් 500 ක ගේ පමණ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

මෙහිදී ශ්‍රී ලංකා යුධ හමුදා ශිෂ්‍ය භට කෝප්‍රල් නිලධාරිනී ගයනි වාසනා චතුරංගි දුර පැනීමේ ඉසව්වට සහභාගී වී මීටර් 05.24 ක දුර ප්‍රමාණයක් පනිමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියාය .

මීට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ශිෂ්‍ය භට නිලධාරිනී සාවින්දි ජයවීර මීටර් 50 නිදහස් ආර සහ මීටර් 100 පසුපස ආර යන පිහිනුම් ඉසව් වලට සහභාගී වී ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වී සිටියාය .

මොවුන් දෙදෙනා පිළිගැනීම සදහා ශ්‍රී ලංකා යුධ හමුදා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා උසස් නිලධාරීන් පිරිසක් සහ මෙම ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here