Home Sport News Room : කිං කෝලිගේ ජර්සිය කෝටියකට වැඩිය විකිණෙයි

News Room : කිං කෝලිගේ ජර්සිය කෝටියකට වැඩිය විකිණෙයි

0
0

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කේඑල් රාහුල්ගේ බිරිඳ අතීයා ෂෙට්ටි විසින් අඩු වරප්‍රසාද ලත් දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා ක්‍රියා කරන විප්ලා නමැති සංවිධානයට උපකාර කිරීම වෙනුවෙන් සංවිධානය කළ ‘ක්‍රිකට් ක්‍රීඩාව සුබසාධනයට‘ නම් වූ අරමුදල් එකතු කිරීමේ වෙන්දේසියේදී සුපිරි පිතිකරු විරාත් කෝලිගේ ජර්සිය ඉන්දීය රුපියල් ලක්ෂ 40කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1.42කට) අලෙවි විය.

මෙම වෙන්දේසියේදී ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් තම පෞද්ගලික බඩු බාහිරාදිය ලබාදී තිබූ අතර එයින් වැඩිම මුදලකට අලෙවි වූයේ කෝලිගේ ජර්සිය වේ. එමෙන්ම විරාත් කෝලිගේ අත්වැසුම් දෙක ඉන්දීය රුපියල් ලක්ෂ 40කට විකිණී ඇත. ඉන්දීය ටෙස්ට් සහ එක්දින නායක රෝහිත් ෂර්මාගේ පිත්ත රුපියල් ලක්ෂ 24කට, එම්එස් දෝනිගේ පිත්තක් ලක්ෂ 13කට රාහුල් ඩ්‍රාවිඩ්ගේ පිත්ත රුපියල් ලක්ෂ 11ක් හා කේ.එල් රාහුල්ගේ ජර්සිය රුපියල් ලක්ෂ 11කට අලෙවි විය. මෙම ‘ක්‍රිකට්’ වෙන්දේසියෙන් ඉන්දීය රුපියල් කෝටි 1.93ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 7ක්) එකතු වී ඇත. එම මුදල් අඩු වරප්‍රසාද ලත් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා යොදවන බවත් වෙන්දේසිය සාර්ථක වූ බවත් කේඑල් රාහුල්ගේ බිරිඳ අතීයා ෂෙට්ටි මාධ්‍ය වෙත පැවැසූවාය.

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here