Home Sport News Room : ඇඟ­ලුම් සේවි­කා­වක් ඝාත­නය කළේ යැයි ෂකීබ් අල් හසන්ට මිනී­මැ­රුම්...

News Room : ඇඟ­ලුම් සේවි­කා­වක් ඝාත­නය කළේ යැයි ෂකීබ් අල් හසන්ට මිනී­මැ­රුම් චෝදනා

1
0

බංග්ලා­දේශ ක්‍රිකට් ක්‍රීඩක ෂකීබ් අල් හසන් එරට ඇඟ­ලුම් සේවි­කා­වක් වෙඩි තබා ඝාත­නය කිරීමේ සිද්ධි­යට උසි­ගැ­න්වීම් හා අනු­බල දුන් බවට චෝදනා කර­මින් අඩ­බාර් පොලිස් ස්ථානයේ මිනී­මැ­රුම් නඩු­වක් පවරා තිබේ. ෂකීබ් අල් හසන් ක්‍රිකට් ක්‍රීඩ­ක­යකු මෙන්ම අවාමි ලීගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යෙකු බැවින් බල­යෙන් පහ කළ හිටපු අග­මැ­තිනි ෂීක් හසීනා ඇතුළු 156 දෙන­කුට මේ චෝදනා එල්ල කර තිබේ. ක්‍රිකට් ක්‍රීඩක ෂකීබ් අල් හසන් මේ චුදි­ත­යින් අතර 28 වැනියා ලෙස නම්කොට තිබේ.

වෙඩි තැබි­මෙන් මිය­ගිය ඇඟ­ලුම් සේවි­කා­වක වන රුබෙල්ගේ පියා වන රෆි­කුල් ඉස්ලාම් පැමි­ණි­ලි­කරු ලෙස නඩුව ගොනු කර ඇත.

රෆි­කුල් ඉස්ලාම් පොලි­සි­යට පැමි­ණිලි කළේ පසු­ගිය අගෝස්තු 5දා මිය­ගිය රුබෙල්, ඇඩ­බාර්හි රින්ග් පාරේ විරෝ­ධතා පාග­ම­න­කට සහ­භාගි වී සිටි­යදී චුදි­ත­යන්ගේ ඍජු හා වක්‍ර උප­දෙස්, දිරි­ගැ­න්වීම්, ආධාර හා සහ­යෝ­ගය මත කිසි­යම් පිරි­සක් විරෝ­ධ­තා­ක­රු­වන්ට වෙඩි තැබූ බවත් තම දිය­ණි­යගේ පපු­වට සහ උද­ර­යට වෙඩි වැදී තුවාල ලබා මිය­ගිය බවත් රෆි­කුල් ඉස්ලාම් පැමි­ණිල්ලේ සඳ­හන් කොට තිබේ.

මෙය සැල­සු­ම්ස­හ­ගත අප­රාධ කුම­න්ත්‍ර­ණ­යක කොට­සක් ලෙස සලකා හිටපු අග­මැ­තිනි ෂීක් හසීනා හා ක්‍රිකට් ක්‍රීඩක ෂකීබ් අල් හසන් ඇතුළු චුදි­ත­යින්ට දඬු­වම් පමු­ණු­වන ලෙස පැමි­ණි­ල්ලෙන් ඉල්ලා සිටී.

ප්‍රින්ස් ගුණ­සේ­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here