Home Local News Room : සලේ රෝහලේ සිටත් මාරාන්තික උපවාසයේ..

News Room : සලේ රෝහලේ සිටත් මාරාන්තික උපවාසයේ..

0
0

 කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සිය උපවාස ක්‍රියාමාර්ගය තවදුරටත් ඉදිරියටම රැගෙන යන බව ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය තහවුරු කරයි.

ඇය මේ බව කියා සිටියේ අද (08) දින රෝහලේ පසුවන තම සැමියාගේ සුවදුක් බැලීමෙන් අනතුරුව ආපසු  යන අවස්ථාවේදී, එතැනට රැස්ව සිටි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමිනි.

“එතුමා දැනට කිසිදු ආහාරයක් හෝ පානයක් ලබාගන්නේ නැහැ. සෞඛ්‍ය තත්ත්වය තරමක් බරපතළයි. වෛද්‍යවරුන් විසින් අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් සේලයින් දියරය ශරීරගත කිරීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ වුවත්, තමන් ආරම්භ කළ උපවාසය අත්හැරීමට එතුමා සූදානම් නැහැ,” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

පවුලේ ඥාතීන් පවසන පරිදි, රෝහල් ඇඳක් මත පසුවන සුරේෂ් සලේ මහතා මෙලෙස කිසිදු ආහාරයක් නොගෙන සිය විරෝධතාව අඛණ්ඩවම සිදුකරමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here