කතානායක වරයාගේ තොරතුරු ඉල්ලා නව ජනතා පෙරමුණ විසින් රාජ්‍ය පරිපාලන හා පළාත් සභා අමාත්‍යාංශයට ලිපියක් බාර දී ඇත.
2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ මෙම ඉල්ලීම කරන බව එකී ලිපියේ දැක්වෙයි.
එහිදි
අදහස් දැක්වු නව ජනතා පෙරමුණ
කොළඹ දිස්ත්‍රික් නායක මහරගම
නාගරික මන්ත්‍රී දිනේෂ්
අබේකෝන් මහතා විසින් ප්‍රකාශ
කර සිටියේ,
ශ්‍රී
ලංකා පාර්ලිමේන්තුවේ කතානායක
ගරු වෛද්‍ය ජගත් වික්‍රමරත්න
මහතා විසින් සිදු කරන ලද දූෂණ
අක්‍රමිකතා රැසක් පිළිබඳව
2025
වසරේ
ජුලි මාසයේ සිටම විවිධ රාජ්‍ය
ආයතන සඳහා පැමිණිලි කිහිපයක්
අප විසින් බාර දෙන ලදී.
තවද
2016
අංක
12
දරණ
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම්
පනත යටතේ ද ගරු කතානායකතුමා
සම්බන්ධව විවිධ අංශ යටතේ
තොරතුරු ඉල්ලා ලිපි ද බාර දෙන
ලදී.
2025
ජුලි
මස 04
වන
දින අල්ලස් හා දුෂණ විමර්ශන
කොමිෂන් සභාව වෙත කතානායකතුමා
විසින් නිවාස
දෙකක් භාවිතා කිරීම හා වාහන
තුනක් භාවිතා කිරීම සම්බන්ධව
ලිපියක් බාර දී ඇත.
තවද
2025
ජුලි
මස 09
වන
දින කතානායකතුමන්ගේ
කාර්ය මණ්ඩල විස්තර ඉල්ලමින්
ලිපියක් ශ්‍රී
ලංකා පාර්ලිමේන්තුවේ
තොරතුරු නිළධාරි වෙත බාර දෙන
ලදී.
එම
ලිපිය සඳහා පිළිතුරක් නොලැබුන
නිසා නැවත 2026
ජනවාරි
28
දින
එම පිටපතම ශ්‍රී
ලංකා පාර්ලිමේන්තුවේ
තොරතුරු නිළධාරි වෙත බාර දෙන
ලදී.
2025 අගෝස්තු
11
වන
දින කතානායකතුමන්ගේ
නිල නිවස අධ්‍යයන හා පර්යේෂණ
මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ
නීතිමය භාවය විමසා ලිපියක්
අල්ලස්
හා දුෂණ කොමිෂන් සභාවට
බාර දෙන ලදී.
නමුත්
මේ වනතෙක් එම ලිපි සඳහා කිසිදු
පිළිතුරක් මේ වනතෙක් ලැබී
නොමැත.
ඒ
වගේම පාර්ලිමේන්තු වැඩතහනමට
ලක් කල නියෝජ්‍ය මහ ලේකම්
චමින්ද කුලරත්න මහතා ද කතානායකතුමා
විසින් සිදු කරන දූෂණ අක්‍රමිකතා
පිලිබදව පැමිණිලි බාර දී තිබුන
ද ඒවා සදහාද කිසිදු පිළිතුරක්
ලබා දී නැති බව ප්‍රකාශ කරන
ලදී.
මේ
තුලින් පෙනී යන්නේ කතානායකතුමා
පිළිබඳව මේ සියලු තොරතුරු
ලබා නොදී කතානායකතුමා තම
තනතුරේ බලතල භාවිතා කරමින්
නිතීය නවමින් කටයුතු කරන බවය.
ජනාධිපතිතුමා
නීතිය සැමට එක හා සමානයි කියා
පැවසුවත් පැහැදිලිවම නිතීය
අද දොයාකාරව පිහිටා ක්‍රියාත්මක
වන බව පැහැදිලිය.
ඒ
නිසා අද දින අපි නැවත වතාවක්
තොරතුරු දැනගැනීමේ පනත යටතේ
කතානායකතුමන්ගේ පෞද්ගලික
ලේකම් චමීර ගාල්ලගේ මහතා
සම්බන්ධව කරුණු ඉල්ලා සිටියා.
මේ
අවස්ථාවේ දීත් තොරතුරු ලබා
දීම සිදු නොකලහොත් ඉදිරි
නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට
නව ජනතා පෙරමුණ අපි සුදානම්
බව දිනේෂ් අබේකෝන් මහතා විසින්
වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.