Home Local News Room : සමාජ ජාලා හොල්ලන ජනපතිගේ ලන්ඩන් මිතුරාට ලොකු තැනකින් තර්ජන…

News Room : සමාජ ජාලා හොල්ලන ජනපතිගේ ලන්ඩන් මිතුරාට ලොකු තැනකින් තර්ජන…

0
0


විදේශගතව
සිටින තමාට පවා ආරක්ෂක අමාත්‍යංශයේ
නිලධාරියෙකු යැයි හඳුන්වා
ගන්නා පුද්ගලයෙකුගෙන් තර්ජනාත්මක
ස්වරූපයේ බලපෑම් එල්ල වෙමින්
පවතින බව මාධ්‍යවේදී උවිඳු
කුරුකුලසූරිය මහතා අනාවරණය
කරයි
.

ලන්ඩනයේ
පදිංචිව සිටින ඒ මහතා පවසන්නේ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
මහතාගේ පාලන සමයේදී පවා තමාට
මෙවැනි තර්ජනාත්මක ඊමේල්
පණිවිඩ ලැබී නොමැති බවයි
.

තමා
වෙත ලැබුණු ඊමේල් පණිවිඩයක්
සම්බන්ධයෙන් අදහස් දක්වමින්
උවිඳු කුරුකුලසූරිය මහතා
පෙන්වා දෙන්නේ
,
පුද්ගලයෙකු
තමා ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය
මධ්‍යස්ථානයේ
මේජර්
සේනාරත්න ලෙස හඳුන්වා දෙමින්
පණිවිඩයක් එවා ඇති බවයි
.

අදාළ
පණිවිඩය මගින් ඔහු දන්වා ඇත්තේ
කුරුකුලසූරිය මහතාගේ වෙබ්
අඩවිය සහ ආරක්ෂක අමාත්‍යාංශය
අතර සම්බන්ධීකරණ නිලධාරියා
ලෙස තමා කටයුතු කරන බවත්
,

සඳහා වෙබ් අඩවියට වගකිව යුතු
පුද්ගලයාගේ සම්බන්ධීකරණ
තොරතුරු ලබා දෙන ලෙසත්ය
.

මෙම
සිදුවීම සම්බන්ධයෙන් තමා
වහාම ආරක්ෂක අමාත්‍යංශයේ
ලේකම් සම්පත් තුයියකොන්තා
මහතා දැනුවත් කළ බවත්
,
අදාළ
මේජර්වරයා කවුදැයි විමසා
සිටි බවත් උවිඳු මහතා පවසයි
.

ආරක්ෂක
ලේකම්වරයා සමඟ කළ වට්ස්ඇප්
සංවාදවල
ස්ක්‍රීන්ෂොට් සාක්ෂි ලෙස
ඉදිරිපත් කරමින් ඔහු පෙන්වා
දෙන්නේ
,

පිළිබඳව සොයා බලන බවට ලේකම්වරයා
පැවසුවද දින කිහිපයක් ගත වන
තුරුත් නිසි පිළිතුරක් හෝ
පියවරක් ගෙන නොමැති බවයි
.

විදේශයක
සිටින මට පවා මෙවැනි තර්ජන
එල්ල වන්නේ නම්
,
ලංකාවේ
සිටින මාධ්‍යවේදීන් සහ
විවේචනාත්මක ලේඛකයින් කෙතරම්
බිය ගැන්වීම්වලට ලක්වනු ඇත්ද
?”
යන්න
උවිඳු කුරුකුලසූරිය මහතා
ප්‍රශ්න කර සිටී
.

තමා
මෙවැනි බලපෑම් හමුවේ පසුබට
නොවන බවත්
,
ආරක්ෂක
අමාත්‍යංශයේ ලේකම්වරයා මේ
සම්බන්ධයෙන් නිසි පියවරක්
නොගැනීම ගැටලු සහගත බවත් ඔහු
වැඩිදුරටත් සඳහන් කරයි
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here