Home Local News Room : ඉහලම ලොක්කියක් ධුරයෙන් නෙරපයි..

News Room : ඉහලම ලොක්කියක් ධුරයෙන් නෙරපයි..

0
0


රාජ්‍ය
පරිපාලන ව්‍යුහයේ ප්‍රමුඛ
පෙළේ වගකීමක් දරන නිලධාරිනියක
එම ධුරයෙන් නිදහස් කිරීමට
රජය තීරණය කර ඇති බව අභ්‍යන්තර
ආරංචි මාර්ග සඳහන් කරයි
.

මෙම
ක්‍රියාවලිය විධිමත් කිරීම
සඳහා විශේෂිත සම්මතයකට එළඹීමට
ද බලධාරීන්ගේ අවධානය යොමුව
ඇත
.

රජයේ
ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළට
අනුගත නොවීම සහ ඇතැම් අවස්ථාවලදී
රජයේ කටයුතු අඩපණ වන අයුරින්
ක්‍රියා කිරීම
,
කළමනාකරණ
ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩු
මෙන්ම විවිධ දූෂණ සහ අක්‍රමිකතා
සම්බන්ධයෙන් එල්ල වී ඇති
චෝදනා
,
රජයේ
රහස්‍ය දත්ත සහ තොරතුරු විරුද්ධ
පක්ෂය ඇතුළු බාහිර කණ්ඩායම්
වෙත ලබා දෙන බවට පවතින සැකය
ඉවත් කිරීමට බලපා ඇති ප්‍රධාන
හේතු වේ
.

මේ
සම්බන්ධයෙන් කරුණු පැහැදිලි
කළ අමාත්‍යවරයෙකු ප්‍රකාශ
කර සිටියේ
,
අදාළ
නිලධාරිනිය එම තනතුරට පත් කළ
අවස්ථාවේ පටන්ම විවිධ
පාර්ශ්වයන්ගෙන් ඒ පිළිබඳව
දැඩි විරෝධයක් සහ දෝෂාරෝපණ
එල්ල වෙමින් පැවති බවයි
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here