රාජ්‍ය
පරිපාලන ව්‍යුහයේ ප්රමුඛ
පෙළේ වගකීමක් දරන නිලධාරිනියක
එම ධුරයෙන් නිදහස් කිරීමට
රජය තීරණය කර ඇති බව අභ්‍යන්තර
ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම
ක්‍රියාවලිය විධිමත් කිරීම
සඳහා විශේෂිත සම්මතයකට එළඹීමට
ද බලධාරීන්ගේ අවධානය යොමුව
ඇත.
රජයේ
ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළට
අනුගත නොවීම සහ ඇතැම් අවස්ථාවලදී
රජයේ කටයුතු අඩපණ වන අයුරින්
ක්‍රියා කිරීම,
කළමනාකරණ
ක්ෂේත්රයේ පවතින අඩුපාඩු
මෙන්ම විවිධ දූෂණ සහ අක්‍රමිකතා
සම්බන්ධයෙන් එල්ල වී ඇති
චෝදනා,
රජයේ
රහස්‍ය දත්ත සහ තොරතුරු විරුද්ධ
පක්ෂය ඇතුළු බාහිර කණ්ඩායම්
වෙත ලබා දෙන බවට පවතින සැකය
ඉවත් කිරීමට බලපා ඇති ප්‍රධාන
හේතු වේ.
මේ
සම්බන්ධයෙන් කරුණු පැහැදිලි
කළ අමාත්‍යවරයෙකු ප්‍රකාශ
කර සිටියේ,
අදාළ
නිලධාරිනිය එම තනතුරට පත් කළ
අවස්ථාවේ පටන්ම විවිධ
පාර්ශ්වයන්ගෙන් ඒ පිළිබඳව
දැඩි විරෝධයක් සහ දෝෂාරෝපණ
එල්ල වෙමින් පැවති බවයි.







