Home Local News Room : හොරෙන් තිරුවාණා කණින මධ්‍යස්ථානයක්…

News Room : හොරෙන් තිරුවාණා කණින මධ්‍යස්ථානයක්…

0
0


වැල්ලවාය
අලිකොට ආර ප්‍රදේශයේ කොටිකම්බොක්ක
තිරුවානා නිධිය ආශ්‍රිතව
රහසිගතව පවත්වා ගෙන ගිය අනවසර
තිරුවානා කැණීම් ස්ථානයක්
වටලා නීතියේ රැහැනට හසුකර
ගැනිමට ශ්‍රි ලංකා පොලිස්
විශේෂ කාර්ය බලකාය සහ භූ විද්‍යා
සමීක්ෂණ හා පතල් කාර්යාංශය
වැටලීම් ඒකකයේ නිලධාරීන්
එක්ව සිදු කරන ලද වැටලිමකදි
හැකි විය
.

පරිසරයට
දැඩි ලෙස හානි පමුනුවමින්
තිරුවානා නිධිය ආශ්‍රිතව
අනවරයෙන් පවත්වා ගෙන ගිය මෙම
කැණිම් භුමිය තුල තිබු අනවරයෙන්
කැණිම් කරන ලද තිරුවානා ඛනිජ
කියුබ්
70ක්
පමන අත් අඩංගුවට ගත් අතර ශ්‍රී
ලංකා පොලීසිය විසින් සැකකරුවන්
සහ උපකරණ අධිකරණය වෙත ඉදිරිපත්
කිරිමට නියමිතය
.

ඉහත තිරුවානා
නිධිය
2026
වර්ෂයේ
පෙබරවාරි මස
02
වැනිදා
ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
සුනිල් හඳුන්නෙත්ති මහතා
ඇතුළු නිළධාරීන් මෙම ධමනි
තිරුවානා නිධිය නිරීක්ෂණය
කිරීම සිදු කළ අතර අනතුරුව
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
,
භූ
විද්‍යා සමීක්ෂණ හා පතල්
කාර්යාංශය සහ ජාතික මැණික්
හා ස්වර්ණාභරණ අධිකාරියේ
නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී
මේ සම්බන්ධයෙන් තීරණ කිහිපයක්
ගනු ලැබීය
.

නිධිය ආරක්ෂා
කිරීම
:
අනවසර
කැණීම්කරුවන්ගෙන් මෙම ස්වභාවික
සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා
විධිමත් වැඩපිළිවෙලක් වහාම
ක්‍රියාත්මක කිරීම
.

සීමා නිර්ණය
හා වාර්තා කරණය
:
වන
සංරක්ෂණ දෙපාර්තමේන්තුව
මඟින් නිධිය පිහිටි

ප්‍රදේශයේ
සීමා සලකුණු කිරීම සහ රාජකාරි
කටයුතු වලදී මතු වන බාධාවන්
පිළිබඳ පුර්ණ වාර්තාවක්
ප්‍රාදේශීය ලේකම්වරිය වෙත
කඩිනමින් යොමු කිරීම
.

සංචිතය යළි
ගණනය කිරීම
:
නිධියේ
පවතින සංචිත ප්‍රමාණය වඩාත්
නිවැරදි හා නවීන විද්‍යාත්මක
ක්‍රම වේදයන් ඔස්සේ යළි ගණනය
කිරීමට පියවර ගැනීම
.

විනිවිද
භාවයෙන් යුත් කැණීම් ක්‍රියාවලිය
:
පවතින
නීතිමය හා පාරිසරික ගැටලු
නිරාකරණය කිරීමෙන් අනතුරුව
,
විධිමත්
කැණීම් කටයුතු සඳහා කඩිනමින්
අභිලාෂයන් කැඳවීමට
(Calling
for EOls)
කටයුතු
කිරීම
.

භූ විද්‍යා
සමීක්ෂණ හා පතල් කාර්යාංශය
රටේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන්
රට තුල පවතින ඛනිජ සම්පත් නිසි
නියාමනයෙන් යුතුව පරිසරය ද
ආරක්ෂා කර ගනිමින් රටේ තිරසාර
සංවර්ධනයට යොදා ගැනීමට සහ
පරිසරයට දැඩි හානි පමුනුවමින්
අනවසරයෙන් සිදු කරන මෙවැනි
කැණිම් පිළිබඳව නිරන්තර
අවධානයෙන් යුතුව කටයුතු කිරීම
හා ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම
කාර්යාංශය විසින් ඉදිරියේදීත්
සිදු කරනු ලබයි
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here