නීතිවිරෝධී
ලෙස තුවක්කුවක් ළඟ තබාගෙන
සිටි බවට එල්ල වූ චෝදනාවක්
මත කටුවන ප්‍රාදේශීය සභාව
නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු
පසුගිය 8 වනදා
අත්අඩංගුවට පත්විය.
තංගල්ල
කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය
මගින් සිදුකළ වැටලීමකදී මෙම
සැකකරු හසුකරගෙන තිබේ.
අත්අඩංගුවට
පත්ව ඇත්තේ මිද්දෙණිය,
මෑල්ලකැටිගොඩ
ප්‍රදේශයේ පදිංචි 40
හැවිරිදි
පුද්ගලයෙකි.
ඔහු ශ්‍රී
ලංකා පොදුජන පෙරමුණ නියෝජනය
කරමින් කටුවන ප්‍රාදේශීය
සභාවට තේරී පත්වූ මහජන නියෝජිතයෙකු
බව අනාවරණය වී ඇත.
මොහු භාරයේ
තිබී බෝර 12 වර්ගයේ
පතොරම් භාවිත කළ හැකි ගිනිඅවියක්
පොලිසිය විසින් සොයාගෙන ඇත.
තංගල්ල
කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ
ස්ථානාධිපති ප්‍රධාන පොලිස්
පරීක්ෂක වසන්ත කුමාර ඇතුළු
නිලධාරී කණ්ඩායමක් විසින්
මෙම වැටලීම මෙහෙයවා සැකකරු
අත්අඩංගුවට ගනු ලැබීය.