Home Local News Room : ජනපතිගේ අනුරුවකට ගල් අගුරු කවමින් විරෝධතා.

News Room : ජනපතිගේ අනුරුවකට ගල් අගුරු කවමින් විරෝධතා.

1
0


බාල ගල්
අඟුරු මෙරටට ගෙන්වීමේ සිද්ධියට
එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ
විපක්ෂය සංවිධානය කළ දැවැන්ත
විරෝධතාවක් අද
(10) දින
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය
අසල පිහිටි පොල්දූව මංසන්ධියේදී
පැවැත්විණි
. බලශක්ති
අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට
සහ රජයට එරෙහිව මෙහිදී
විරෝධතාකරුවන් දැඩි ලෙස සිය
විරෝධය පළ කළහ
.

විරෝධතාව
අතරතුර උණුසුම්කාරී තත්ත්වයක්
හටගත් අතර
, විරෝධතාකරුවන්
විසින් ජනාධිපති අනුර කුමාර
දිසානායක මහතාගේ සහ බලශක්ති
අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ
අනුරූ සදාගෙන විත් ඒවාට ගල්
අඟුරුවලින් පහර දෙමින් තම
විරෝධය ප්‍රකාශ කරනු ලැබීය
.

මේවා තමයි
අනුරලා හොරෙන් කෑවේ
“,
කොමිස්
ගහපු ගාන කියපන්
යනුවෙන්
සටන් පාඨ කියමින් විරෝධතාකරුවන්
චෝදනා කළේ මහජනතාවගේ බදු මුදල්
මෙලෙස මහා පරිමාණ වංචාවන්
හරහා අවභාවිත වන බවයි
.

විපක්ෂ නායක
සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු
දේශපාලනඥයන් රැසක් මෙම අවස්ථාවට
එක්ව සිටි අතර
, ඔවුන්
පාර්ලිමේන්තුව දෙසට ගමන්
කිරීමට උත්සාහ කිරීමත් සමඟ
පොලිසිය මාර්ග බාධක යොදා එය
වළක්වනු ලැබීය
.

එහිදී අදහස්
දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන්
කළේ මෙය ඉතිහාසයේ සිදුවූ
දැවැන්තම වංචාව බවත්
,
අදාළ අමාත්‍යවරයා
ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා
කටයුතු කරන්නේ නම් ඔහු ද මෙම
වංචාවට වගකිව යුතු බවත්ය
.

මෙම
ගල් අඟුරු වංචාව හේතුවෙන්
මෙරට විදුලි පාරිභෝගිකයන්ට
දැඩි බරක් පැටවෙන බවත්
,
මෙම දූෂිත
ක්‍රියාවන්ට එරෙහිව ඉදිරියටත්
මුළු රටම පෙළගස්වමින් සටන්
වදින බවත් විරෝධතාකරුවෝ මෙහිදී
අවධාරණය කළහ
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here