Home Local News Room : ගල් අගුරු විශ්වාස භංගය වැරදියි.. වංචාවක් වෙලා නෑ.. බඩු...

News Room : ගල් අගුරු විශ්වාස භංගය වැරදියි.. වංචාවක් වෙලා නෑ.. බඩු බාලයි විතරයි.. අපි ඇමති රකිනවා..

0
0

 

බලශක්ති
අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට
එරෙහිව ඉදිරිපත් කර ඇති
විශ්වාසභංග යෝජනාව සම්පූර්ණයෙන්ම
වැරදි පදනමක් මත ගොඩනගා ඇති
බවත්
,
ගල් අඟුරු
ගනුදෙනුවේදී කිසිදු දේශපාලන
අධිකාරියක් මැදිහත් වූ වංචාවක්
හෝ දූෂණයක් සිදුව නොමැති බවත්
මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල්
ජයන්ත මහතා ප්‍රකාශ කරයි
.
ස්වර්ණවාහිනී
නාලිකාවේ පැවති දේශපාලන
වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය
.

මෙහිදී
වැඩිදුරටත් අදහස් දැක්වූ
නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා
සිටියේ මෙම විශ්වාසභංගය හරහා
මෙරට ඉතිහාසයේ සිදුවූ බරපතලම
හොරකම මෙය ලෙස පෙන්වීමට විපක්ෂය
උත්සාහ කරන නමුත්
, මෙහි
ඇත්තේ ආනයනය කරන ලද භාණ්ඩවල
ප්‍රමිතිය අඩුවීම සම්බන්ධ
තාක්ෂණික ගැටලුවක් පමණක්
බවයි
.

එම ප්‍රමිතිය
අඩුවීම නිසා යම් ගැටලුවක් හෝ
රජයට පාඩුවක් සිදුව ඇත්නම්
එය අදාළ සැපයුම්කරුවන්ගෙන්
අයකර ගැනීමට කටයුතු කරන බවද
හෙතෙම අවධාරණය කළේය
.

අතීතයේ පැවති
ආණ්ඩු සමයේ චෙක්පත් මගින්
මුදල් මාරු කරගනිමින් සහ
ප්‍රමිතියෙන් තොර
අසූචි
පොහොර
වැනි
දෑ ගෙන්වමින් සිදුකළ මහා
පරිමාණ දූෂණ වංචා වසා ගැනීමට
විපක්ෂය මෙම තත්ත්වය උපයෝගී
කරගන්නා බවත්
, වත්මන්
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
සමග පවා විනිවිදභාවයෙන් යුතුව
කටයුතු කරන බවත් ඔහු පෙන්වා
දුන්නේය
.

යම් අයෙකුට
මෙම ගනුදෙනුවේ දූෂණයක් ඇතැයි
සැකයක් පවතින්නේ නම් එය නීතිය
ඉදිරියේ අභියෝගයට ලක් කරන
ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා
මෙහිදී අභියෝගයක් ද කළේය
.

අමාත්‍ය
කුමාර ජයකොඩි මහතාට එරෙහිව
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම
නඩු පවරා ඇත්තේ වත්මන් ගල්
අඟුරු ගනුදෙනුවක් සම්බන්ධයෙන්
නොව
, ඔහු
මීට පෙර ලංකා ගල් අඟුරු සමාගමේ
නිලධාරියෙකු ලෙස කටයුතු කළ
සමයේ සිදුවීමක් සම්බන්ධයෙන්
බවද අනිල් ජයන්ත මහතා අනාවරණය
කළේය
.

එම සිදුවීමේදී
ද අමාත්‍යවරයා නිලධාරියෙකු
ලෙස රජයට සිදුවීමට ගිය පාඩුව
වළක්වා මුදල් අයකර ගැනීමට
කටයුතු කර ඇති බවත්
,
කිසිදු
පාඩුවක් සිදුව නොමැති බව
බේරුම්කරණ මණ්ඩල මගින් පවා
තහවුරු කර ඇති බවත් ඔහු පැවසීය
.

එබැවින්
මෙම පදනම් විරහිත විශ්වාසභංග
යෝජනාව හෙට දිනයේදී අනිවාර්යයෙන්ම
පරාජය කරන බවත්
, අමාත්‍යවරයා
ඉල්ලා අස්විය යුතු කිසිදු
නෛතික හෝ සදාචාරාත්මක පදනමක්
නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා
වැඩිදුරටත් සඳහන් කළේය
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here