2018 අංක 35
දරන මුදල්
පනත යටතේ දුරකථන සන්නිවේදන
කුලුනු මත අය බද්දක් පනවා ඇති
අතර, ඒ
අනුව දුරකථන සන්නිවේදන කුලුනු
හිමි ජංගම දුරකථන ක්‍රියාකරුවන්ගෙන්
වාර්ෂිකව රුපියල් 200,000/-
ක් බැගින්
වූ බදු මුදලක් අය කරනු ලැබේ.
එහෙත්,
2026-01-01 දින හෝ
ඉන් පසුව අලුතින් ඉදි කරනු
ලබන දුරකථන සන්නිවේදන කුලුනු
සඳහා වසර 05 ක
කාලයක් ඉකුත් වන තෙක් අදාළ
බද්ද අය නොකිරීමට 2026 අයවැය
මඟින් යෝජනා කරනු ලැබ ඇත.
ඒ
අනුව, අවශ්‍ය
පියවර ගැනීම සඳහා වන විධිවිධාන
ඇතුළත්ව 2018 අංක
35 දරන
මුදල් පනත සංශෝධනය කිරීම පිණිස
නීති කෙටුම්පත් සම්පාදක විසින්
පනත් කෙටුම්පතක් සකස් කර ඇති
අතර, ඒ
සඳහා නීතිපති විසින් සිය
නිෂ්කාශනය ලබා දී තිබේ.
එකී
පනත් කෙටුම්පතරජයේ ගැසට්
පත්‍රයේ පළ කිරීමටත්,
ඉන් අනතුරුව
අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව
වෙත ඉදිරිපත් කිරීමටත් මුදල්,
ක්‍රම සම්පාදන
සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය
වශයෙන් ගරු ජනාධිපතිතුමා
ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය
මණ්ඩලය විසින් අනුමත කරන ලදී.