නැෂනල්
ඩෙවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී
(NDB)
ආයතනය
තුළ සිදුව ඇති මූල්‍ය වංචාවක්
සම්බන්ධයෙන් එම බැංකුව විසින්
කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිල
වශයෙන් කරුණු වාර්තා කර ඇත.
බැංකුවේ
සේවකයින් පිරිසක් බාහිර
පාර්ශවයන් සමඟ එක්ව මෙම වංචාව
සිදුකර ඇති බවට හඳුනාගෙන ඇති
අතර,
මේ
පිළිබඳව වැඩිදුර විමර්ශන
සඳහා නීතිය බලාත්මක කිරීමේ
බලධාරීන් වෙත දැනටමත් පියවර
ගෙන තිබේ.
මූලික
ඇස්තමේන්තු අනුව මෙම වංචාවේ
වටිනාකම රුපියල් මිලියන 380ක්
පමණ වන බව බැංකුව පවසයි.
කෙසේ
වෙතත්,
වංචා
කරන ලද මුළු මුදල මීට වඩා සැලකිය
යුතු ලෙස ඉහළ යා හැකි බවට බැංකුව
සැක පළ කරයි.
අපරාධ
විමර්ශන සහ අභ්‍යන්තර පරීක්ෂණ
තවමත් ක්‍රියාත්මක වන බැවින්,
අවසන්
වටිනාකම පිළිබඳව නිශ්චිතව
ප්‍රකාශ කිරීමට බැංකුව මේ
දක්වා අපොහොසත් වී ඇත.
බැංකුව
විසින් මේ සම්බන්ධයෙන් ශ්‍රී
ලංකා මහ බැංකුව දැනුවත් කර
ඇති අතර,
සිදුවී
ඇති හානිය අවම කර ගැනීමටත්,
වරදකරුවන්ට
එරෙහිව නීතිය ක්‍රියාත්මක
කිරීමටත් නියාමන බලධාරීන්
සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු
කරන බව අවධාරණය කරයි.
මෙම
සිදුවීම බැංකුවේ දෛනික මෙහෙයුම්
කටයුතුවලට කිසිදු බලපෑමක්
නොකරන බව NDB
බැංකුව
පවසයි.
තවද,
සියලුම
ගනුදෙනුකරුවන්ගේ තැන්පතු
සහ ගිණුම් ශේෂයන් පූර්ණ
සුරක්ෂිතව පවතින බවට බැංකුව
මහජනතාවට සහ සියලුම පාර්ශවකරුවන්ට
සහතික වෙයි.
මේ
පිළිබඳ වැඩිදුර තොරතුරු සහ
පූර්ණ වාර්තා ලැබුණු පසු,
විස්තරාත්මක
හෙළිදරව්වක් කිරීමට බැංකුව
බලාපොරොත්තු වේ.