Home Local News Room : හූ කියා පැන්නුවේ මගේ ලේකම්ට නොවේ..- හදුන්නෙත්ති

News Room : හූ කියා පැන්නුවේ මගේ ලේකම්ට නොවේ..- හදුන්නෙත්ති

0
0

 

පුවත්
විකාශ සහ සමාජ මාධ්‍ය ජාලා
ඔස්සේ ප්‍රචාරය කරන ලද පුවතක්
සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ
අපහාසාත්මක බව කර්මාන්ත හා
ව්‍යවසායකත්ව සංවර්ධන
අමාත්‍යාංශය අවධාරණය කර
සිටියි
.

හඳුන්නෙත්තිගේ
සම්බන්ධීකරණ ලේකම් පන්නා
දැමූ හැටි

සමූහයට
ආ සභාපතිටත් හූ සංග්‍රහයක්

යන
ශීර්ෂය යටතේ ප්‍රචාරය වූ
වීඩියෝව සම්බන්ධයෙන් කරුණු
පැහැදිලි කරමින් අමාත්‍යාංශයේ
මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්
කර තිබේ
.

අදාළ
සිදුවීමට අදාළ වීඩියෝ දර්ශනවල
පෙනී සිටින හෝ මහජන විරෝධයට
ලක්වන කිසිදු පුද්ගලයෙකු
,
කර්මාන්ත
සහ ව්‍යවසායකත්ව සංවර්ධන
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන්
නොවන බව අමාත්‍යාංශය පෙන්වා
දෙයි
.

එම
නිවේදනයේ වැඩිදුරටත් සඳහන්
වන්නේ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ
ලේකම්වරුන් ලෙස කටයුතු කරනු
ලබන්නේ එම්
.ආර්.එම්.ඩබ්ලිව්.
ඩයස්
මහතා සහ රසිඳු යසෝද් මරගල

මහතා යන දෙදෙනා
පමණක් බවට
.

වීඩියෝවේ
සිටින පුද්ගලයන් සහ මෙම
ලේකම්වරුන් අතර කිසිදු
සම්බන්ධතාවයක් නොමැති අතර
ඔවුන් මෙම සිදුවීමට කිසිදු
අයුරකින් සම්බන්ධ වී නොමැති
බවත් නිවේදනය කියයි
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here