එකතු කළ අගය මත පදනම් වූ බදු (VAT) සඳහා ලියාපදිංචි වී ඇති පුද්ගලයන් නිකුත් කළ යුතු නව විශේෂිත බදු ඉන්වොයිස් පත්‍රිකා හඳුන්වා දීම තවත් මාස තුනකින් පමා කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මීට අදාළව නිකුත් කර ඇති නවතම නිවේදනයට අනුව, මීට පෙර අද දිනට (2026 අප්‍රේල් 01) නියමිතව තිබූ මෙම නව ක්‍රමවේදයේ ආරම්භය 2026 ජූලි මස 01 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.
බදු සංශෝධනවලට අනුව, මෙතෙක් රුපියල් මිලියන 60 ක්ව පැවැති වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 36 දක්වා පහත හෙළා තිබේ. මෙමගින් වැඩි ව්‍යවසායකයින් ප්‍රමාණයක් බදු දැලට හසුකර ගැනීම රජයේ අරමුණ වී ඇත.
මසකට රුපියල් ලක්ෂ 30 ක (දිනකට ලක්ෂයක් පමණ) වෙළෙඳාමක් සිදුකරන ව්‍යවසායකයන් මෙම 18% ක වැට් බද්දට යටත් වේ.
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) අය කරන සීමාව ද රුපියල් මිලියන 60 සිට මිලියන 36 දක්වා අඩු කර ඇත.