Home Local News Room : වීදි ලාම්පු නිවා දැමීමේ තීරණයට මිනීමැරුම් චෝදනා..

News Room : වීදි ලාම්පු නිවා දැමීමේ තීරණයට මිනීමැරුම් චෝදනා..

0
0


රාත්‍රී
කාලයේදී වීදි ලාම්පු නිවා
දැමීමට රජය ගෙන ඇති තීරණය
මාර්ග ආරක්ෂාව චේතාන්විතව
බිඳවැට්ටවීමක් සහ
මිනීමැරීමට
ආධාර අනුබල දීමක්

බඳු
ක්‍රියාවක් බව පවසමින් සමස්ත
ලංකා යතුරුපැදිකරුවන්ගේ
සංගමය දැඩි විරෝධය පළ කරයි
.

පසුගිය
මාර්තු
30
වැනිදා
අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්
ජනරාල්වරයා විසින් පස්වරු
6.00
සිට
රාත්‍රී
10.00
දක්වා
කාලය තුළ වීදි ලාම්පු නිවා
දැමීමට නිකුත් කළ නිවේදනය
සම්බන්ධයෙන් එම සංගමය විසින්
ජනාධිපතිවරයා වෙත ලිඛිතව මෙම
පැමිණිල්ල ඉදිරිපත් කර ඇත
.

සංගමයේ
සභාපති චිරන්ත අමරසිංහ මහතාගේ
අත්සනින් යුතුව නිකුත් කර
ඇති මෙම ලිපිය මගින් පෙන්වා
දෙන්නේ
,
දිනක
වැඩිම මාර්ග අනතුරු සංඛ්‍යාවක්
වාර්තා වන කාල සීමාව තුළ වීදි
ලාම්පු නිවා දැමීම බරපතළ
අවදානමක් බවයි
.

මීට
අමතරව මෙම තීරණය හේතුවෙන්
මහා මාර්ගවල මංකොල්ලකෑම් ඉහළ
යාම
,
කාන්තා
හිංසන සහ අතවර කිරීම් උත්සන්න
වීම
,
සමස්ත
මහජන ආරක්ෂාව බිඳවැටීම වැනි
අහිතකර තත්ත්වයන් වර්ධනය විය
හැකි බව සංගමය අවධාරණය කරයි
.

මාර්ග
ආරක්ෂාව පිළිබඳ නිරන්තරයෙන්
හඬක් නගන ශ්‍රී ලංකා පොලිසිය
,
මෙවැනි
තීරණාත්මක අවස්ථාවක නිහඬව
සිටීම හාස්‍යජනක කරුණක් බවද
එම ලිපියේ සඳහන් වේ
.
සාමාන්‍ය
යතුරුපැදිකරුවන් අපරාධකරුවන්
ලෙස සලකා දඩ මුදල් හා රියදුරු
බලපත්‍ර ලකුණු ක්‍රම ගැන කතා
කරන පොලිසිය
,
රජයේ
මෙම අනතුරුදායක තීරණය හමුවේ
නිහඬව සිටීම සංගමයේ දෝෂදර්ශනයට
ලක්ව ඇත
.

විදුලි
අර්බුදයක් පවතින සෑම අවස්ථාවකම
වීදි ලාම්පු නිවා දැමීම විසඳුම
නොවන බවත්
,
මාර්ග
සංඥා සහ වීදි ලාම්පු සඳහා
සූර්ය බලය යොදා ගැනීමට මෙතෙක්
කිසිදු රජයක් පියවර නොගැනීම
කණගාටුදායක බවත් එම සංගමය
පවසයි
.

අදාළ
ලිපිය මගින් සමස්ත ලංකා
යතුරුපැදිකරුවන්ගේ සංගමය
ජනාධිපතිවරයාගෙන් ඉල්ලා
සිටින්නේ
,

  1. වීදි
    ලාම්පු නිවා දැමීමට ගත් මෙම
    මිනීමරු
    තීරණය
    වහාම අකුලා ගැනීමට උපදෙස්
    දෙන ලෙසයි
    .

  2. නිසි
    අධ්‍යයනයකින් තොරව මෙවැනි
    තීරණ ගන්නා නිලධාරීන්ට එරෙහිව
    කටයුතු කරන ලෙසයි
    .

මෙම
ලිපියේ පිටපත් අග්‍රාමාත්‍ය
ලේකම්
,
පොලිස්පති,
ප්‍රවාහන
හා මහජන ආරක්ෂක අමාත්‍යාංශ
ලේකම්වරුන් ඇතුළු පාර්ශව
කිහිපයක් වෙතම යොමු කර තිබේ
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here