ජාතික ජන බලවේග රජය යටතේ සිදු කෙරෙන ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී කිසිදු ආකාරයක වංචාවක් හෝ දූෂණයක් සිදුව නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා අවධාරණය කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, වර්තමාන රජය ඉතා පැහැදිලිව සහ විනිවිදභාවයකින් යුතුව මෙම කටයුතු සිදුකරන බවයි.
කෙසේ වෙතත්, මෑතකදී ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ගල් අඟුරු නැව් කිහිපයක අඩංගු ගල් අඟුරුවල කැලරි ප්‍රමාණය නියමිත අනුමත ප්‍රමාණයට වඩා අඩු බව නිරීක්ෂණය වී ඇති බව හෙතෙම අනාවරණය කළේය.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදාළ වාර්තා කැඳවා ඇති බවත්, ඒ අනුව ගැනිය යුතු අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් සූරියආරච්චි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.