ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉකුත් අඟහරුවාදා පැවති දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස, හෙට (28) දිනයේ ඉන්ධන නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි
ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් රැගත් මෙම නෞකාව, හෙට දිනයේදී කොළඹ වරාය වෙත සේන්දු වීමට නියමිතය.