Home Local News Room : ඉරානයෙන් ලෝකය බේරාගන්න සියළු රටවල් යුද්දෙට එන්න..- නෙතන්යාහු

News Room : ඉරානයෙන් ලෝකය බේරාගන්න සියළු රටවල් යුද්දෙට එන්න..- නෙතන්යාහු

0
0

 

ඉරානයට
එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය
දියත් කරන හමුදාමය ක්‍රියාමාර්ග
සඳහා සහාය දැක්වීමට එක්වන
ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින්
නෙතන්යාහු ලෝක නායකයන්ගෙන්
හදිසි ඉල්ලීමක් කර තිබේ
.

දකුණු
ඊශ්‍රායලයේ අරද් නගරයට එල්ල
වූ ප්‍රහාරයක් නිරීක්ෂණය
කිරීම සඳහා එම ස්ථානයට පැමිණි
අවස්ථාවේදී අගමැතිවරයා මෙම
ප්‍රකාශය සිදු කළේය
.

එහිදී
වැඩිදුරටත් අදහස් දැක්වූ
අගමැති නෙතන්යාහු මෙසේ පැවසීය
:

ලෝක නායකයන්
අප සමඟ අත්වැල් බැඳගත යුතු
කාලය එළඹ තිබෙනවා
. ඇතැම්
පාර්ශවයන් දැනටමත් ඒ සඳහා
යොමු වෙමින් පවතින බව මට
පෙනෙන්නට තිබෙනවා
.”

ඉරානය ලෝක
සාමයට තර්ජනයක් බව අවධාරණය
කළ අගමැතිවරයා
, ඉරානයේ
ඉලක්කය වී ඇත්තේ ඊශ්‍රායලය
පමණක් නොව සමස්ත ලෝකයම බවට ද
අනතුරු ඇඟවීමක් කළේය
.

පවතින
උණුසුම් වාතාවරණය හමුවේ ඉරානයට
එරෙහිව ජාත්‍යන්තර සහයෝගීතාවක්
ගොඩනැගීමට ඊශ්‍රායලය මේ වන
විට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින්
දැඩි උත්සාහයක නිරතව සිටී
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here