ඉංජිනේරු
කුමාර ජයකොඩි මහතා දරනු ලබන
බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඔහු
ඉවත් කළ යුතු බවට වන ඉල්ලීම
මේ වන විට සමාජයේ විවිධ අංශවලින්
ප්‍රබල ලෙස ඉස්මතු වෙමින්
පවතී.
ඔහුට එරෙහිව
ගොනු කර ඇති විශ්වාසභංග යෝජනාව
ලබන මස 10
වන දින
පාර්ලිමේන්තුවේදී විවාදයට
ගැනීමට නියමිත අතර,
විපක්ෂය
නියෝජනය කරන බහුතරයක් දේශපාලන
කණ්ඩායම් මේ සඳහා සිය සහයෝගය
පළ කිරීමට මේ වන විටත් තීරණය
කර තිබේ.
මෙම විරෝධතාවලට
තුඩු දී ඇති ප්‍රධානතම කරුණු
අතර අමාත්‍යවරයාට එරෙහිව
බරපතළ ගණයේ චෝදනා එල්ල වී
තිබීම සහ ඒ සම්බන්ධයෙන් අධිකරණමය
කටයුතු සිදුවෙමින් පැවතීම,
විමර්ශන
පවතින පසුබිමක ඔහු තවදුරටත්
අමාත්‍ය ධුරයේ රැඳී සිටීම
නුසුදුසු බවට විවිධ පාර්ශ්ව
තර්ක කිරීම,
රජය බලයට
පත්වීමට පෙර ජනතාවට පොරොන්දු
වූ ගුණාත්මක දේශපාලන ප්‍රතිපත්තිවලට
අනුකූලව කටයුතු කරන ලෙස සිවිල්
සංවිධාන අවධාරණය කිරීම ආදිය
වෙයි.
පසුගියදා
පාර්ලිමේන්තු සභාවාරවලදී ද
විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක්
කුමාර ජයකොඩි මහතා වහාම ධුරයෙන්
නෙරපා හරින ලෙස රජයට බල කර
සිටියහ.
මේ අතර,
පවතින
දේශපාලන වාතාවරණය හමුවේ ආණ්ඩුව
ඉදිරි දිනවලදී අමාත්‍ය මණ්ඩලයේ
වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට
සූදානම් වන බවට ද දේශපාලන
ආරංචි මාර්ග සඳහන් කරයි.







