Home Local News Room : ඩොලරය 350 පනීලු..

News Room : ඩොලරය 350 පනීලු..

1
0

 

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ස්ථාවරත්වය දැඩි අනතුරකට ලක්ව ඇති බවත්, පවතින ගෝලීය යුද වාතාවරණය තවදුරටත් දරුණු වුවහොත් ඇමරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 350 ඉක්මවා යා හැකි බවත් මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා අනතුරු අඟවයි.  ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ රටේ ආර්ථිකය මේ වන විට අස්ථාවර මට්ටමක පවතින බවයි.

රජය විසින් ක්‍රියාත්මක කරන සතියේ වැඩ කරන දින ගණන සීමා කිරීමේ පියවර මෙන්ම, ඉන්ධන බෙදාහැරීම සඳහා යළිත් ‘කිව් ආර්’ (QR) කෝටා ක්‍රමවේදයක් හඳුන්වා දීමට ගෙන ඇති තීරණ මහාචාර්යවරයාගේ විවේචනයට ලක් විය. 

මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් මහජනතාව ප්‍රායෝගික ගැටලු රැසකට මැදිව සිටින බවත්, එමගින් සමාජය තුළ දැඩි නොසන්සුන්තාවයක් වර්ධනය වෙමින් පවතින බවත් ඔහු අවධාරණය කළේය.

රජය සහ මහ බැංකුව මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 07 ක් ලෙස ප්‍රකාශ කළද, සැබවින්ම භාවිතයට ගත හැකි මට්ටමේ පවතින්නේ ඩොලර් බිලියන 5.5 ක් වැනි ප්‍රමාණයක් බව මෙහිදී හෙළිදරව් කෙරිණි. 2026 වසර සඳහා අපේක්ෂිත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමෙන් ශ්‍රී ලංකාව ක්‍රමයෙන් බැහැර වෙමින් පවතින බව නිරීක්ෂණය වන බවද හෙතෙම පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here