Home Local News Room : තෙල් ඉල්ලා පිරවුම්හල් සේවයන්ට ගහයි.. පොලිසියටත් ගහයි..

News Room : තෙල් ඉල්ලා පිරවුම්හල් සේවයන්ට ගහයි.. පොලිසියටත් ගහයි..

3
0

 වේයන්ගොඩ
සමුපකාර ඉන්ධන පිරවුම්හල
රාත්‍රියේදී වසා දැමීම හේතුවෙන්
උරණ වී
,
එහි
සේවකයකුට සහ පොලිස් නිලධාරියකුට
පහර දුන් බව කියන පුද්ගලයෙකු
වේයන්ගොඩ පොලිසිය විසින්
අත්අඩංගුවට ගෙන තිබේ
.

යතුරුපැදියකින්
පැමිණි සැකකරු පිරවුම්හලෙන්
පෙට්‍රල් ඉල්ලා ඇති අතර
,
එම
අවස්ථාවේදී පිරවුම්හල වසා
ඇති බව පොම්පකරු දන්වා ඇත
.

ඉන්ධන
ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත්
සමඟ කෝපයට පත් සැකකරු
,
කළමනාකරුගේ
කාමරයට කඩා වැදී එහි සිටි
පොම්පකරුට පහර දී තිබේ
.

එම
අවස්ථාවේ පිරවුම්හල අසල ආරක්ෂක
රාජකාරියේ නිරතව සිටි පොලිස්
නිලධාරීන් කණ්ඩායමක් කලහකාරී
ලෙස හැසිරුණු පුද්ගලයා පාලනය
කිරීමට උත්සාහ කර ඇත
.
එහිදී
සැකකරු විසින් පොලිස් කොස්තාපල්
රියදුරෙකුගේ මුහුණට ප්‍රබල
පහරක් එල්ල කර ඇති අතර
,
පහරදීමෙන්
නිලධාරියාගේ නාසයෙන් රුධිරය
වහනය වී තිබේ
.

පහර
කෑමෙන් තුවාල ලැබූ පොලිස්
කොස්තාපල්වරයා වතුපිටිවල
රෝහලේ නේවාසිකව ප්‍රතිකාර
ලබයි
.
අත්අඩංගුවට
ගත් සැකකරු බෙම්මුල්ල ප්‍රදේශයේ
පදිංචිකරුවෙකු බව පොලිසිය
තහවුරු කර ඇත
.

සිද්ධිය
සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය
වැඩිදුර විමර්ශන පවත්වයි
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here