Home Local News Room : QR එකට බිය වී තෙල් පෝලිම්

News Room : QR එකට බිය වී තෙල් පෝලිම්

2
0

මැදපෙරදිග
කලාපයේ පවතින උණුසුම් භූ

දේශපාලනික
තත්ත්වය හමුවේ දේශීය ඉන්ධන
සංචිත සුරක්ෂිත කර ගැනීමේ
පියවරක් ලෙස
, රජය
විසින් අද
(15) අලුයම
6.00 සිට
ක්‍රියාත්මක වන පරිදි නැවතත්
ජාතික ඉන්ධන බලපත්‍ර
(QR)
පද්ධතිය
හඳුන්වා දී ඇත
.

මෙම හදිසි
තීරණයත් සමඟ අද උදෑසන සිට
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන
පිරවුම්හල් අසල දිගු වාහන
පෝලිම් දක්නට ලැබුණු බව වාර්තා
වේ
.

බලශක්ති
අමාත්‍යාංශය සඳහන් කරන්නේ
,
ලෝක වෙළඳපොළේ
ඇතිවිය හැකි බලපෑම් සැලකිල්ලට
ගනිමින් පූර්ව ආරක්ෂණ පියවරක්
ලෙස මෙම ක්‍රමය යළි ක්‍රියාත්මක
කිරීමට තීරණය කළ බවයි
.

බලශක්ති
අමාත්‍යාංශය මහජනතාවගෙන්
ඉල්ලා සිටින්නේ අනියත බියක්
ඇති කර නොගන්නා ලෙසත්
,
පද්ධතිය
මඟින් නියම කර ඇති සීමාවන්
තුළ ඉන්ධන ලබාගැනීමට සහයෝගය
දක්වන ලෙසත්ය
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here