හිටපු රාජ්‍ය
අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ
මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව
රුපියල් මිලියන 8.85ක
වන්දි මුදලක් නීතිවිරෝධී ලෙස
ලබාගත් බවට එල්ල වී ඇති චෝදනා
සම්බන්ධ විමර්ශන කටයුතු අවසන්
කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා
විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට
දැනුම් දී තිබේ.
මෙම
නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්
ලහිරු සිල්වා මහතා ඉදිරියේ
කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම
දැනුම් දීම සිදු කෙරිණි.
2022 වසරේ
පැවති අරගල සමයේදී සෙවනගල
ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක්
සහ දේපළ කිහිපයක් විනාශ වී
ඇති අතර, ඒ
වෙනුවෙන් අදාළ වන්දි මුදල
ලබාගෙන ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්,
විමර්ශනවලින්
අනාවරණය වී ඇත්තේ අදාළ දේපළ
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට
අයත් ඉඩමක නීතිවිරෝධී ලෙස
ඉදිකර තිබූ ඒවා බවයි.
නඩු
නිමිත්තට අනුව සැකකරුවන්
විසින් වන්දි පියවීමේ කාර්යාලයේ
(Office for Reparations) නිලධාරීන්ට
බලපෑම් කර, රුපියල්
8,850,000 ක
මුදලක් වංචනික ලෙස ලබාගෙන
ඇති බවට චෝදනා එල්ල වී ඇත.
ඉදිරිපත්
වූ කරුණු සලකා බැලූ අතිරේක
මහේස්ත්‍රාත්වරයා, අදාළ
නඩුව නැවත ජූලි මස 10 වනදා
කැඳවීමට නියෝග කළේය.