Home Local News Room : භාණ්ඩාගාරයේ ඉතිරි ට‍්‍රිලියනය අරන් තියෙන්නේ 11.5% පොලියට.. අවුරුද්දට කෝටි...

News Room : භාණ්ඩාගාරයේ ඉතිරි ට‍්‍රිලියනය අරන් තියෙන්නේ 11.5% පොලියට.. අවුරුද්දට කෝටි දෙදහසක් ගෙවනවා..

0
0


වත්මන්
රජය මේ වන විට බිය තුනකින්
හෙවත් ‘තුම්බියකින්’ පෙළෙමින්
සිටින බව හිටපු අමාත්‍ය පාඨලී
චම්පික රණවක මහතා පවසයි
.

මාධ්‍ය
හමුවක් අමතමින් ඒ මහතා කියා
සිටියේ ඇත්ත හෙළිදරව් වීමේ
බිය
,
නොහැකියාවේ
බිය සහ අන් අයගේ හැකියාව පිළිබඳ
බිය රජය දැඩි ලෙස ග්‍රහණය
කරගෙන ඇති බවයි
.

රජය බලයට
පත්වීමට පෙර කළ ප්‍රකාශ සහ
වර්තමාන ක්‍රියාකලාපය අතර
ඇති පරස්පරතාවය හේතුවෙන්
ඔවුන් දැඩි ලැජ්ජාවකට පත්ව
ඇති බව රණවක මහතා සඳහන් කළේය
.
2025 ජනවාරි
මස අගභාගයේදී මතුවූ කන්ටේනර්
323
ගැටලුව සහ ඉන් දෙකක තිබී හමු
වූ ‘අයිස්’ මත්ද්‍රව්‍ය පිළිබඳ
පරීක්ෂණවලට සිදුවූ දෙයක්
නැති බවත්
,
පිළිබඳ මුදල් අමාත්‍යාංශ
වාර්තාව මෙතෙක් පිළිගෙන නැති
බවත් ඔහු අනාවරණය කළේය
.

එසේම,
2025 පෙබරවාරි
9 වනදා
පානදුර උපපොළට වඳුරෙකු පැනීමෙන්
විදුලිය බිඳ වැටුණු බව පැවසුවද
,
සත්‍ය වශයෙන්ම
එය වික්ටෝරියා ජලාශයේ විදුලිය
විසන්ධි වීමක්
(Trip) බවත්,
එමගින්
රුපියල් කෝටි
660
පාඩුවක් සිදුවූ බවත් ඒ මහතා
පැවසීය
. මීට
අමතරව
, ‘දිට්ඨවා’
සුළි කුණාටුව පිළිබඳව මහවැලි
දත්ත මධ්‍යස්ථානය කලින්ම
අනතුරු අඟවා තිබියදීත්
,
බලධාරීන්
නිසි පියවර නොගෙන රාත්‍රී
කාලයේ පොල්ගොල්ල හා කොත්මලේ
ජලාශවල ගේට්ටු විවෘත කිරීම
නිසා විශාල ජීවිත හා දේපළ
හානියක් සිදුවූ බවට ඔහු චෝදනා
කළේය
.

රජය ආර්ථිකය
හසුරුවන ආකාරය පිළිබඳව විවේචනය
කළ හිටපු ඇමතිවරයා
, මහා
බැංකුවේ රුපියල් කෝටි ලක්ෂයක්
ඉතිරි වී ඇති බව පැවසුවද
,
එය නඩත්තු
කිරීම සඳහා වාර්ෂිකව කෝටි
2000ක්
වැය වන බවත්
, එම
මුදල් ලබාගෙන ඇත්තේ
11.5%
ඉහළ පොලියකට බවත් පෙන්වා
දුන්නේය
. ලංකා
ඉතිහාසයේ පළමු වතාවට ප්‍රාග්ධන
වියදම්
14%
සීමාවට ගෙන ආ එකම ආණ්ඩුව මෙය
බවත්
, මෙය
ඇමතිවරුන්ගේ නොහැකියාව
පෙන්නුම් කරන බවත් ඔහු පැවසීය
.

සුළි කුණාටුවෙන්
මාස හතරක් ගතවී ඇතත් වින්දිතයන්
තවමත් කූඩාරම්වල දිවි ගෙවන
බවත්
, ස්වේච්ඡා
සංවිධානවල සහාය පවා රජය
ප්‍රතික්ෂේප කර ඇති බවත් රණවක
මහතා වැඩිදුරටත් සඳහන් කළේය
.

රජය තම
නොහැකියාව වසා ගැනීමට හැකියාව
ඇති පුද්ගලයින් දඩයම් කරමින්
සිටින බවත්
, පොලිස්
රාජ්‍යයක් හරහා දේශපාලන පක්ෂ
මර්ධනය කිරීමට උත්සාහ කරන
බවත් හිටපු ඇමතිවරයා චෝදනා
කළේය
,. රෝහණ
විජයවීර මහතා වරක් ජේ
.ආර්.
ජයවර්ධන
මහතාට කළ අනතුරු ඇඟවීමක්
සිහිපත් කළ රණවක මහතා
,
මර්ධනය
කරන්න පුළුවන්
, හැබැයි
මර්ධනය පෙරළා එනවා

යන දර්ශනය
ආණ්ඩුව මතක තබා ගත යුතු බව
අවධාරණය කළේය
.

අවසාන වශයෙන්
ඔහු කියා සිටියේ
, නොහැකියාවෙන්
පෙළෙන රජය හැකියාව ඇති මිනිසුන්
දඩයම් කිරීමට ගන්නා උත්සාහය
දෙස තමන් විමසිල්ලෙන් බලා
සිටින බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here