Home Local News Room : වැඩසටහනකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස්...

News Room : වැඩසටහනකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

1
0

 

රජයේ පස් අවුරුදු පාලන කාලයෙන් ගෙවී ගිය වසර එකහමාරක කාලය තුළ ජනතාවට ලබාදුන් පොරොන්දු වලින් විශාල ප්‍රමාණයක් මේ වන විටත් ඉටු කර අවසන් බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විරුද්ධවාදීන් විවිධ විවේචන එල්ල කළ ද එය රජයට ගැටලුවක් නොවන බවයි. 

පවතින දේශපාලන වාතාවරණය තුළ මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වුවහොත් එය කිසිදු සටනකින් තොර ඒකපාර්ශවීය මැතිවරණයක් වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

එවැනි සටනක් නොමැති මැතිවරණයක් පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවකට එතරම් හිතකර නොවන බව පවසන අමාත්‍යවරයා, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා හෝ ශක්තිමත් විපක්ෂයක් ගොඩනගා ගන්නා ලෙස විපක්ෂයට යෝජනා කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here