පාස්කු ඉරිදා බෝම්බ ප්රහාර මාලාවට අදාළව අත්අඩංගුවට ගත් හිටපු රාජ්ය බුද්ධි ප්රධානී විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගෙන් දින 90 ක කාලයක් රැඳවුම් නියෝග යටතේ ප්රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර හිමිව තිබේ.
ප්රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පුළුල් විමර්ශනවලට අදාළව ඔහුගෙන් දීර්ඝ ලෙස ප්රශ්න කිරීම සඳහා මෙම රැඳවුම් නියෝග ලබාගෙන ඇත.
පසුගිය 25 වනදා පෙරවරුවේ පෑලියගොඩ ප්රදේශයේදී CID විශේෂ කණ්ඩායමක් විසින් සලේ මහතා අත්අඩංගුවට ගන්නා ලදී.
විමර්ශනවල තීරණාත්මක හැරවුමක්
පාස්කු ප්රහාරය සිදුවන අවස්ථාවේ මැලේසියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ සලේ මහතා, මීට පෙර යුද හමුදා බුද්ධි අංශයේ අධ්යක්ෂවරයා ලෙස ද දීර්ඝ කාලයක් සේවය කළ අයෙකි.