Home Local News Room : ලොකු පාතාලයන් 26ක් රටින් පනී..

News Room : ලොකු පාතාලයන් 26ක් රටින් පනී..

1
0

ව්‍යාජ නම් සහ ඡායාරූප භාවිත කරමින් විදේශ ගමන් බලපත්‍ර සකස් කර මෙරටින් පලා ගොස් විදේශයන්හි සැඟවී සිටින පාතාල කල්ලි සාමාජිකයන් 26 දෙනෙකු සම්බන්ධ විමර්ශන කඩිනම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා රහස් පොලිසියට නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

සැකකරුවන් 26 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස අධිකරණය නියෝග කර තිබියදී, දෙදෙනෙකුගේ පමණක් විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳව මහේස්ත්‍රාත්වරයා මෙහිදී රහස් පොලිසියෙන් ප්‍රශ්න කළේය. 

ඊට පිළිතුරු දෙමින් පොලිසිය සඳහන් කළේ ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා ලබාගත් ඇඟිලි සලකුණු සටහන් කිහිපයක් පරීක්ෂණ සඳහා යොමු කළ බවත්, ඉන් වාර්තා ලැබී ඇත්තේ දෙදෙනෙකුට අදාළව පමණක් බවත්ය.

වෙනත් පුද්ගලයන්ගේ නම් හා ඡායාරූප අවභාවිත කරමින්, වංචනික ලෙස විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන විදේශගතව සිටින ප්‍රබල පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ අරමුණින් මෙම විමර්ශන ක්‍රියාත්මක වේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර එහි ප්‍රගතිය මැයි මස 04 වැනි දින අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට වැඩිදුරටත් නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here