නොරොච්චෝල ලක්විජය ගල් අගුරු බලාගාරයේ අඛණ්ඩ විදුලි උත්පාදනය සහතික කිරීම වෙනුවෙන් ලංකා ගල් අගුරු සමාගම (Lanka Coal Company) විසින් හදිසි ගල් අගුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියක් (Emergency Procurement) ආරම්භ කර ඇත.
පවතින අවශ්‍යතාවය මත ගල් අගුරු මෙලෙස මිලදී ගැනීමට නියමිතය.
මෙම ගල් අගුරු තොගය 2026 මාර්තු සහ අප්‍රේල් යන කාලසීමාවන් තුළ මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂිත අතර ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් සිදුකරන මෙම හදිසි මිලදී ගැනීම සඳහා ලංකා ගල් අගුරු සමාගම ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටී.
දැනට සපයමින් ඇති ගල් අගුරු ප‍්‍රමිතියෙන් බාල යයි චෝදනා එල්ල වන පසුබිමක වාර්ෂික ගල් අගුරු වාරය අවසන් වීමට පෙර බලාගාරයට අවශ්‍ය අවම තොග පවත්වා ගැනීම සහ වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනය සීමා වුවහොත් ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස මෙම හදිසි මිලදී ගැනීම සිදු කරන බව වාර්තා වේ.