Home Local News Room : ගෑස් හිගය තව දුරටත්.. එන ගෑස් ලොරිය සැනෙකින් විකිණේ..

News Room : ගෑස් හිගය තව දුරටත්.. එන ගෑස් ලොරිය සැනෙකින් විකිණේ..

0
0

ලිට්‍රෝ සහ ලාෆ් යන ප්‍රධාන සමාගම් දෙකෙහිම සැපයුම අඩාල වීම නිසා පාරි‌භෝගිකයන් අසීරැතාවට මුහුණ දී සිටී. 

ගෘහස්ථ අවශ්‍යතා සඳහා ගෑස් භාවිත කරන ජනතාව මෙන්ම, විකල්ප ඉවුම් පිහුම් ක්‍රම භාවිත කිරීමට අපහසු කොළඹ සහ ඒ අවට තට්ටු නිවාසවල ජීවත් වන්නන් මෙම හිඟය හමුවේ අන්ත අසරණ වී සිටිති.

කුඩා හා මධ්‍ය පරිමාණ ආපනශාලා පවත්වාගෙන යාමට නොහැකි වී ඇති අතර, බොහෝ ව්‍යාපාරික ස්ථාන මේ වන විටත් වැසී යාමේ අවදානමකට ලක්ව ඇත.

අගනුවරින් බැහැර ඇතැම් ප්‍රදේශවලට සති කිහිපයක සිට කිසිදු ගෑස් තොගයක් ලැබී නොමැති බව වාර්තා වේ. ඇතැම් ප්‍රදේශවල මෙම කාලය සති දෙකකට වඩා වැඩි බව ජනතාව පෙන්වා දෙති.

කොළඹ නගරයේ ඇතැම් අලෙවි නියෝජිතයන්ට ලැබෙන සීමිත සිලින්ඩර ප්‍රමාණය මිනිත්තු කිහිපයකින් විකිණී අවසන් වන අතර, දිගු පෝලිම්වල රැඳී සිටින පිරිසකට හිස් අතින් ආපසු හැරී යාමට සිදුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here