Home Local News Room : අධිකරණයට බැණ වදිමින් ට‍්‍රම්ප් තව බද්දක් ගහයි…

News Room : අධිකරණයට බැණ වදිමින් ට‍්‍රම්ප් තව බද්දක් ගහයි…

0
0

 

පසුගිය වසරේදී ධවල මන්දිරය විසින් පනවන ලද ගෝලීය ආනයන බදු බොහොමයක් නීතිවිරෝධී බවට අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවත් සමඟ, ඊට ප්‍රතිචාර වශයෙන් නව 10%ක ගෝලීය ආනයන බද්දක් හඳුන්වා දීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පරාජයට පත්වූ වහාම ප්‍රකාශයක් නිකුත් කළ ජනාධිපතිවරයා, මෙම තීන්දුව “භයානක” එකක් ලෙස හැඳින්වූ අතර, තීන්දුව ලබා දුන් විනිසුරුවන් දැඩි ලෙස විවේචනය කළේය.

විනිසුරුවන් 6-3ක් ලෙස ලබා දුන් මෙම තීන්දුව මගින් අවධාරණය කෙරුණේ ජනාධිපතිවරයා සිය බලතල ඉක්මවා කටයුතු කර ඇති බවයි. 1977 වසරේ ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත (IEEPA) යටතේ මෙම බදු පැනවීමට ධවල මන්දිරය උත්සාහ කළද, බදු පැනවීමේ පූර්ණ බලය කොංග්‍රස් මණ්ඩලය සතු බවත්, එවැනි බලයක් ජනාධිපතිවරයාට පවරා දී නොමැති බවත් අගවිනිසුරු ජෝන් රොබට්ස් ප්‍රකාශ කළේය.

මෙම තීන්දුවත් සමඟ රජය විසින් අයුතු ලෙස එකතු කරන ලද බිලියන සංඛ්‍යාත බදු මුදල් යළි ආපසු ලබා ගැනීමට ව්‍යාපාරික ආයතනවලට අවස්ථාව හිමිව තිබේ.

කෙසේ වෙතත්, ට්‍රම්ප් පාලනය වහාම ක්‍රියාත්මක වන පරිදි ‘සෙක්ෂන් 122’ (Section 122) නැමති මීට පෙර කිසිදා භාවිත නොකළ නීතිමය ප්‍රතිපාදනයක් යටතේ නව 10%ක බද්දක් ප්‍රකාශයට පත් කළේය. මෙය පෙබරවාරි 24 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

කැනඩාව සහ මෙක්සිකෝව USMCA වෙළඳ ගිවිසුම යටතේ මෙම බදු වලින් නිදහස් වුවද, බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය සහ ඉන්දියාව වැනි සෙසු වෙළඳ හවුල්කරුවන්ට මෙම නව 10%ක බද්දට මුහුණ දීමට සිදුවනු ඇත.

අධිකරණ තීන්දුවත් සමඟ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඇති වූ සුබවාදී බලාපොරොත්තු හේතුවෙන් වෝල් ස්ට්‍රීට් කොටස් වෙළඳපොළේ S&P 500 දර්ශකය 0.7%ක වර්ධනයක් පෙන්නුම් කළේය. 

එහෙත් ජනාධිපතිවරයාගේ නව බදු පැනවීමත් සමඟ ගෝලීය වෙළඳ ක්ෂේත්‍රය යළිත් අවිනිශ්චිතතාවයකට ඇද වැටී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here