රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය
නිවේදනය
සේවා
ගැටලු සහ වෘත්තීය ක්රියාමාර්ගයන්ගේ
ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ
සාකච්ඡා කිරීමට රට පුරා සෞඛ්‍ය
වෛද්‍ය නිලධාරීන් සහ රජයේ
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ
විධායක සභාව අතර හමුවක්.
ශ්‍රී
ලාංකීය සෞඛ්‍ය සේවාව ලෝකයේ
ඉහළ සංවර්ධිත රටවල් හා සමානව
සෞඛ්‍ය දර්ශකයන්හි ඉහළින්
රඳවා
ගැනීම උදෙසා සෞඛ්‍ය වෛද්‍ය
නිලධාරීන් සුවිශේෂි සේවාවක්
ඉටු කරයි.
මෙරට
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස
350
කට
අධික ප්‍රමාණයක් ඇති අතර බෝවන
රෝග නිවාරණය,
බෝ
නොවන රෝග අවම කිරීම,
ළමා
හා මාතෘ සෞඛ්‍ය,
ප්‍රතිශක්තිකරණ
එන්නත් ක්‍රියාවලිය,
සෞඛ්‍ය
ප්‍රවර්ධනය,
ආහාර
හා පෝෂණය,
පාසල්
සෞඛ්‍ය,
සනීපාරක්ෂාව
ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය
කරමින් මහජන සෞඛ්‍ය සේවාවේ
කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු
කරනු ලබයි.
සියලු
දිස්ත්‍රික්ක නියෝජනය කරමින්
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් අද
දිනයේදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ
සංගමයේ කාර්යාලයට රැස් වූ
අතර එහි පහත කරුණු සාකච්ඡාවට
ලක් විය.
- වෛද්‍යවරුන්ට
ප්‍රමාණවත් වැටුපක් සහ යහපත්
වෘත්තීය පරිසරයක් නොමැති
වීම. - රෝගී
සත්කාර සේවාවන් සැපයීමට
අවශ්‍ය පහසුකම් නොමැති වීම. - සේවාවන්
සැපයීමට අවශ්‍ය ප්‍රවාහන
පහසුකම් නොමැති වීම. - සේවා
ස්ථානයේ ආරක්ෂාව පිළිබඳ
ගැටලු. - අනෙකුත්
සහයක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය
ප්‍රමාණවත් නොවීම. - අනුමත
වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව
යාවත්කාලීන නොවීම.
සෞඛ්‍ය
වෛද්‍ය නිලධාරී කාර්යාල
පද්ධතියේ ගැටලු විසඳීම
හිතාමතාම නොසලකා හරිමින් සහ
සෞඛ්‍ය සේවාවේ ව්‍යුහාත්මක
ප්‍රතිසංස්කරණයන්ට මුවාවෙමින්
මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී
පද්ධතිය දුර්වල කිරීමේ යම්
සැලැස්මක් ක්‍රියාත්මක වන්නේද
යන්නත් මෙහිදි සාකච්ඡාවට
ලක්විය.
එමෙන්ම
වෛද්‍යවරුන්ගේ සහ රෝහල්
පද්ධතියේ ගැටලු විසඳිම
ඕනෑකමින්ම
මඟහරිමින්
නිදහස් සෞඛ්‍ය සේවාවට හානි
කිරීමේ ප්රයත්නයට එරෙහි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ
සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ග
මාලාවට දැනට දක්වන සහභාගිත්වයෙන්
ඔබ්බට ගොස් වඩා ශක්තිමත් ලෙස
දායක වීමේ අවශ්‍යතාවය ද ඔවුන්
ඒකමතික ලෙස ප්‍රකාශයට පත්
කරන ලදී.
මේ
සම්බන්ධයෙන් වැඩිදුර කරුණු
අධ්‍යනය කිරීමට විශේෂ ක්‍රියාකාරි
කමිටුවක් පත් කල අතර,
එම
කමිටුව විසින් සකස් කරන කමිටුව
වාර්තාව අනුව ඉදිරි තීන්දු
තීරණ සහ ක්‍රියාමාර්ග ගැනීමට
විධායක සභාව විසින් තීරණය
කරන ලදී.
මෙරට
මහජන සෞඛ්‍ය සේවාවේ සහ සෞඛ්‍ය
වෛද්‍ය නිලධාරීන්ගේ ගැටලු
නිවැරදිව හඳුනා
ගනිමින් ඒවා විසඳීම
සඳහා
කාල රාමුවක් සහිත විශ්වසනීය
සහ තිරසාර වැඩපිළිවෙලක් සෞඛ්‍ය
අමාත්‍යංශය පාර්ශවයෙන්
ප්‍රකාශයට පත්විය යුතු අතර
ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු
මැදිහත් වීම් රජයේ වෛද්‍ය
නිලධාරීන්ගේ සංගමය විසින්
සිදු කරන බවට ද අවධාරණය කරන
ලදී.