Home Local News Room : මෛත‍්‍රී වික‍්‍රමසිංහ ගැනත් විමර්ෂණයක්..

News Room : මෛත‍්‍රී වික‍්‍රමසිංහ ගැනත් විමර්ෂණයක්..

0
0

 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළ කරුණු තහවුරු කරගැනීම සඳහා බ්‍රිතාන්‍යයේ වුල්ෆැම්ප්ටන් විශ්වවිද්‍යාලය වෙත ප්‍රශ්නාවලියක් යොමු කළ බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

හිටපු ජනාධිපතිවරයාට අදාළ සංචාරය සඳහා ආරාධනා කළ ක්‍රියාවලිය සහ ඒ පිළිබඳ බ්‍රිතාන්‍ය රජය දැනුවත් වී සිටි ආකාරය පිළිබඳව එහිදී විමසා ඇත.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී අද දින අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපති ලේකම්වරයාගේ අත් අකුරු සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීමට අධිකරණයේ අවසරය හිමි විය.

මෙම සංචාරයට මෛත්‍රී වික්‍රමසිංහ සහ සැන්ඩ්‍රා පෙරේරා යන මහත්මීන් ද එක්ව ඇති බවත්, ඔවුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරන බවත් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසීය.

සමන් ඒකනායක මහතා එළැඹෙන 18 වැනි දින දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය කටයුතු කලේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here