Home Local News Room : පොලිස් ආරක්‍ෂාව මැද අපේක්‍ෂකයෙකුට වෙඩි තියයි..

News Room : පොලිස් ආරක්‍ෂාව මැද අපේක්‍ෂකයෙකුට වෙඩි තියයි..

2
0

 

කළුතර දකුණ ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාකාරිකයෙකු ඝාතනය කිරීමට දැරූ තවත් ප්‍රයත්නයක් ඉලක්කය වැරදී යාම හේතුවෙන් අසාර්ථක වී තිබේ. 

මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් කළුතර මහ නගර සභාවට තරග වැදුණු බන්දුල ප්‍රසන්න මහතායි.

නාගොඩ හන්දියේ පිහිටි ඒ මහතාට අයත් හෝටලය ඉදිරිපිට පොලිස් ආරක්ෂාව යොදවා තිබියදී, සැකකරු හෝටලයේ පිටුපස දෙසින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

වෙඩි තැබීමට උත්සාහ කළ අවස්ථාවේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අපේක්ෂිත ඉලක්කය වැරදී ගොස් තිබේ.

මීට මාස නවයකට පෙර, එනම් පසුගිය මැතිවරණ සමයේදී ද බන්දුල ප්‍රසන්න මහතා ඉලක්ක කරගනිමින් මෙවැනිම වෙඩි තැබීමක් සිදුවූ අතර එය ද අසාර්ථක විය.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here