Home Local News Room : හිරුණිකා-කෙහෙල්බද්දර පද්මේ හුටපට එලියට..

News Room : හිරුණිකා-කෙහෙල්බද්දර පද්මේ හුටපට එලියට..

0
0

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන, ‘කෙහෙල්බද්දර පද්ම’ හෙවත් මන්දිනු පද්මසිරි පෙරේරා නැමති පාතාල කල්ලි නායකයා සමඟ සබඳතා පැවැත්වූ බවට එල්ල වී ඇති චෝදනා මත පදනම්ව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කරගනු ලැබීය.

 විමර්ශන නිලධාරීන් කළ කැඳවීමකට අනුව ඊයේ පෙරවරු 9.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි ඇය, දහවල් 12.30 දක්වා පැය තුනකට ආසන්න කාලයක් එහි රැඳී සිටියාය.

අදාළ පාතාල නායකයා සමඟ සම්බන්ධකම් පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම්, අපරාධ ක්‍රියා හෝ අයථා ලෙස මුදල් ඉපැයීම් සිදුකර ඇත්ද යන්න පිළිබඳව රජයේ අවධානය යොමුව තිබේ.

මෙම සිද්ධියට අදාළව මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගෙන් ද විමර්ශන නිලධාරීන් කරුණු විමසා තිබිණි.

මෙම පරීක්ෂණ මාලාව තවදුරටත් ක්‍රියාත්මක වන අතර, සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් තහවුරු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here