ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා නවීන මාදිලියේ හෙලිකොප්ටර් යානයක් මිලදී ගැනීම සඳහා වන මූලික සාකච්ඡා ආරම්භ කරමින් 2026 සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයට සහභාගී වී තිබේ.
මෙම අවස්ථාවට එක්වෙමින් සිරිසේන මහතා තම අනාගත බලාපොරොත්තු පිළිබඳව මෙලෙස පවසා සිටියේය.
“මා බොහෝ කැපකිරීම් මධ්‍යයේ මගේ ජීවිතයේ සෑම සිහිනයක්ම පාහේ සැබෑ කරගෙන තිබෙනවා. මගේ ඊළඟ හීනය තමයි මේක. ඉතා ඉක්මනින් මගේ හෙලිකොප්ටර් සිහිනයත් මම සැබෑ කරගන්නවා.”
මෙම ප්‍රදර්ශනය අතරතුර ඔහු වෘත්තීය කණ්ඩායම සමඟ එක්ව ලොව සුප්‍රකට Bell Textron සමාගමේ නියෝජිතයන් හමුවී මූලික සාකච්ඡා පවත්වනු ලැබීය.
ඒ සඳහා ශ්‍රී ලංකාවේ බෙල් (Bell) වාණිජ ගුවන් යානා අලෙවි නියෝජිත ආයතනය වන සෙලෝන් එයරොනොටිකල් සර්විසස් (Ceylon Aeronautical Services – CAS) ආයතනයේ සහයෝගය හිමි විය.







