Home Local News Room : ලොකු සමුපකාර දෙකකින් මාලිමා පිලට ලොකු පරාජ දෙකක්…

News Room : ලොකු සමුපකාර දෙකකින් මාලිමා පිලට ලොකු පරාජ දෙකක්…

0
0

 

දික්වැල්ල සහ මහව විවිධ සේවා සමූපකාර සමිතිවල කාරක සභා නිලවරණවලින් සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ පොදු විපක්ෂය ජයග්‍රහණය අත්පත් කර ගැනීමට සමත්ව තිබේ.

දික්වැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයේදී ජාතික ජන බලවේගය අභිබවා බහුතර බලය තහවුරු කර ගැනීමට පොදු විපක්ෂය සමත් විය. 

ප්‍රාදේශික මට්ටමෙන් පැවැති ඡන්ද විමසීමේදී පොදු විපක්ෂය ඡන්ද 35ක් ලබා ගන්නා විට, ජාතික ජන බලවේග සහාය දුන් කණ්ඩායමට ලබාගත හැකි වූයේ ඡන්ද 19ක් පමණි.

එසේම, මහ සභා නියෝජිතයන් තේරීමේදී ද පොදු විපක්ෂය කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර, සමස්ත නියෝජිතයන් 98 දෙනාගෙන් 70 දෙනෙකුගේම සහය දිනා ගැනීමට ඔවුන් සමත් විය. එහිදී ජාතික ජන බලවේගයට හිමිවූයේ නියෝජිත ධුර 28ක් පමණක් බව අප වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර මහව සමූපකාර සමිතිය සඳහා පැවැති නිලවරණයෙන් ද ඒකාබද්ධ පොදු විපක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කර ඇත. එහි ප්‍රතිඵල සටහන් වූයේ පහත පරිදිය.

ඒහිදී ඒකාබද්ධ පොදු විපක්ෂය නියෝජිතයන් 82ක් හා ජාතික ජන බලවේග සහාය දුන් කණ්ඩායම 18ක් ලෙස ජය ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here