Home Local News Room : මන්ත‍්‍රීගේ වාහනයේ හැපී දෙදෙනෙක් රෝහලේ…

News Room : මන්ත‍්‍රීගේ වාහනයේ හැපී දෙදෙනෙක් රෝහලේ…

1
0

යාපනය, මීසාලේයි උතුර ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීදරන් මහතාගේ රියදුරු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. 

මන්ත්‍රීවරයා ගමන් කරමින් සිටි වෑන් රථය යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වන විට චාවකච්චෙරි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මීසාලේ උතුර ශීයාමාලා හන්දිය අසලදී මෙම ගැටීම සිදුව ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය මගින් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here