Home Local News Room : ති‍්‍රකුණාමලේ භූකම්පනයක්..

News Room : ති‍්‍රකුණාමලේ භූකම්පනයක්..

0
0

 

නැගෙනහිර මුහුදු තීරය කේන්ද්‍ර කරගනිමින් අද (ජනවාරි 31) පස්වරු කාලයේදී සුළු මට්ටමේ භූකම්පනයක් වාර්තා වී ඇත. 

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ දත්තයන්ට අනුව, මෙම කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 3.5ක් ලෙස සටහන්ව තිබේ.

ත්‍රිකුණාමලය සහ මුලතිව් යන ප්‍රදේශවලට අතරමැදි මුහුදු පතුලේ පස්වරු 3:49ට පමණ මෙම අභ්‍යන්තර චලනය සිදුව ඇත. 

මෙම තත්ත්වය එම වෙරළාසන්න ගොඩබිම් ප්‍රදේශවල පදිංචිකරුවන්ටද යම් ප්‍රමාණයකට සංවේදනය වී ඇති බව වැඩිදුරටත් අනාවරණය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here