රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම්වලට විසඳුම් සෙවීමට රජයට ලබා දුන් දෙදිනක සහනය අදින් (30) හමාර වන බව එම සංගමය නිවේදනය කරයි.
ලැබුණු එම කාලසීමාව තුළ බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට අද දින විධායක සභාව රැස්වන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.







