Home Local News Room : උදේ 09.30ට CID එන්නැයි උදේ 09.50ට නාමල්ට දන්නවලා..

News Room : උදේ 09.30ට CID එන්නැයි උදේ 09.50ට නාමල්ට දන්නවලා..

0
0

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ මහතා ඉන්දීය ජනරජ දිනයට සහභාගිවීමට ඉන්දියාවට පිටත්ව ගොස් සිටියදී අද (26) පෙරවරු 9.30 ට සීඅයිඩීයේ පෙනී සිටින ලෙස පෙරවරු 9.50 ට තංගල්ල කාල්ටන් නිවසට පොලිසිය දැනුම් දුන් බව එම පක්‍ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය. 

වරායට සම්බන්ධයෙන් පැවැති විරෝධතාවක හම්බන්තොට අධිකරණයේ විභාග වන නඩුවක් හේතුවෙන් එම අධිකරණය ද දැනුවත් කර නාමල් මහතා ඉන්දියාවට පිටත්ව ගිය බව කී කාරියවසම් මහතා අධිකරණය සහ පොලිසිය දැනුවත් කර රටින් පිටව ගොස් සිටියදී පොලිසිය අද පෙරවරු 9.50 ට තංගල්ල කාල්ටන් නිවසට පැමිණ අද පෙරවරු 9.30 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයට වෙත වාර්තා කරන ලෙස දැනුම් දුන් බව ද සඳහන් කළේය

වත්මන් පොලිසිය ශ්‍රී ලංකා පොලිසිය නොව ජනතාව විමුත්කි පෙරමුණේ පොලිසියක් වන අතර මෙවැනි දේ කිරීමෙන් පොලිසිය දේශපාලන වාසියක් ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ හේතුවෙන් මෙවැනි දේවල් නොකරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් කාරියවසම් මහතා කීය.

මර්ධනයෙන්ම කටයුතු කරන වර්තමාන ආණ්ඩුව මෙවැනි දේවල් කිරීමේ යටි අරමුණ පැහැදිළි නැති බව කී සාගර කාරියවසම් මහතා මෙය යම් දේශපාලන අරමුණක් ඇතිව කළ දෙයක් යැයි පැහැදිළි බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here