ලසිත් මාලිංග සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පැවති වේගපන්දු උපදේශක සේවා ගිවිසුම ඊයේ (24) දිනෙන් නිමාවට පත් විය.
සේවා ගිවිසුම අවසන් වුවද, ලබන අඟහරුවාදා පැවැත්වෙන අවසන් එක්දින ක්‍රිකට් තරගය නිමාවන තෙක් ඔහු කණ්ඩායම සමඟ රැඳී සිටින බව වාර්තා වේ.
ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තෙක් ඔහුගේ සහය ලබාගැනීමට බලධාරීන් අපේක්ෂා කළත්, එම තීරණය වෙනස් වී ඇත.
තෙවන එක්දින තරගයෙන් අනතුරුව ඔහු ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි.
කොන්ත්‍රාත් කාලය අවසන් වීම හේතුවෙන් මාලිංග ලෝක කුසලානය තෙක් රැඳී නොසිටින අතර, එළඹෙන අඟහරුවාදා තරගයෙන් පසු දිවයිනෙන් පිටත්ව යනු ඇත.