මහනුවර සුදුහුම්පොල ප්‍රදේශයේ පැවැති පින්කම් නිවසකට සහභාගී වූ අවස්ථාවේදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන්, ජාතික ජන බලවේගය නියෝජනය කරන මහනුවර නියෝජ්‍ය පුරපති රුවන් කුමාර ගලපිටිය මහතා පිරිසකගේ පහරකෑමට ලක්ව තිබේ.
ඒ මහතාට එල්ල වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මේ වන විට සිද්ධියට අදාළ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත්, පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.