Home Local News Room : කොල්ලුපිටියේ වෙඩි වරුසාවක්…

News Room : කොල්ලුපිටියේ වෙඩි වරුසාවක්…

1
0

 

අද (25) අලුයම කොල්ලුපිටිය ප්‍රදේශයේ ආර්.ඒ.ද මෙල් මාවතේ පිහිටි සංගීතය පිළිබඳ හැදෑරීම් කරන ගොඩනැගිල්ලක් ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදුව තිබේ. 

පාන්දර 2.35ට පමණ සිදුවූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය මේ වන විට විමර්ශන පවත්වයි.

මෝටර් සයිකලයකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු අතරින් පසුපස අසුනේ සිටි පුද්ගලයා විසින් ටී – 56 වර්ගයේ ස්වයංක්‍රීය අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

අදාළ ගොඩනැගිල්ල සහ එහි ප්‍රධාන දොරටුව ඉලක්ක කර ප්‍රහාර 15ක් පමණ එල්ල වී තිබුණද, වාසනාවකට මෙන් කිසිදු පුද්ගලයෙකුට ඉන් ජීවිත හානි හෝ තුවාල සිදුව නොමැත.

ආයතනය ඉදිරිපිට පතොරොම් කොපු තිබෙන බවට ලැබුණු තොරතුරකට අනුව ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ අරඹා ඇත.

සැකකරුවන් ගොඩනැගිල්ලට වෙඩි තබා පලා යන ආකාරය එම ස්ථානයේ සවිකර තිබූ CCTV කැමරාවල පැහැදිලිව සටහන්ව තිබේ.

මෙම ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here