Home Local News Room : නුවරඑලියේ වාර්තාගත සීතලක්..

News Room : නුවරඑලියේ වාර්තාගත සීතලක්..

0
0

 

නුවරඑලිය
ප්‍රදේශයට මේ දිනවල පවතින අධික සිතල කාලගුණය හේතුවෙන් නවුරඑලිය නගරයේ ස්ථාන
කිහිපයකම (23) දිනත් මල්තුහිණ පතිත වී ඇත.

නුවරඑලිය
තුරග තරග පිටිය, ග්‍රෙගරිවැව පරිශ්‍රය ඇතුලු ස්ථාන කිහිපයකම මල් තුහිණ පතිත වී
තිබු අතර, නුවරඑලියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 9ක් සේ සටහන් වි තිබුණි.

නුවරඑලියේ
මේ දිනවල පවතින කාලගුණය හමුවේ නුවරඑලිය සංචාරය සදහා සුදුසුම කාගය බැවින් නුවරඑලියේ
සංචාරය සදහා පැමිණෙන ලෙස දේශීය සංචාරකයන්ගෙන් නුවරඑලිය මහ නගර සභාවේ සභාපති උපාලි
වනිගසේකර මහතා ඉල්ලා සිටියි.

නුවරඑලිලය
පිවිසෙන මාර්ග සියල්ල යථා තත්වයට පත් කර ඇති නිසා කිසිදු බාධාවකින් තොරව සියලුම
මාර්ග ඔස්සේ නුවරඑලියට පැමිණීමට හැකි බවත්, පවුලේ සියලුදෙනා සමග නුවරඑලියේ සංචාරය
කර මල් තුහිණවල ආස්වාදය විද ගන්නා ලෙස නුවරඑලිය සංචාරක හෝටල් සංගමයේ සභාපති මහින්ද
දොඩම්පගමගේ මහතා කියා සිටියි.

රංජිත් රාජපක්ෂ              

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here